ගතවූ පැය 24 තුල දිවයිනේ ප‍්‍රදේශ 2ක සිදුවූ රිය අනතුරු 2කින් පුද්ගලයන් දෙදෙනෙකු මිය ගොස් තවත් 8 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
ඉන් එක් අනතුරක් සිදුවුනේ තංගල්ල මාරකොල්ලිය ප‍්‍රදේශයේ දී මෝටර් රථ 2ක් මුහුණට මුහුණ ගැටීමෙන්. කොළඹ වැල්ලවාය ප‍්‍රධාන මාර්ගයේදී සිදුවූ එම අනතුරකින් පුද්ගලයකු ජීවිතක්ෂයට පත්ව තවත් පුද්ගලයන් 7 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. පොලීසිය පැවසුවේ අනතුරින් තුවාල ලැබූවන් අතර එම මෝටර් රථ වල ගමන් කල කාන්තාවන් දෙදෙනෙකු සහ වයස අවුරුදු 7 ක් වන කුඩා දැරියක්ද වන බවයි. අනතුරින් ජීවිතක්ෂයට පත්වූනේ හුංගම හාතාගල ප‍්‍රදේශයේ පදිංචි 77 හැවිරිදි පුද්ගලයෙක්.
මේ අතර පානදුර ප‍්‍රදේශයේ අද පෙරවරුවේ සිදුවූ තවත් රිය අනතුරකින් පුද්ගලයකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පොලීසිය සඳහන් කලේ අධික වේගයෙන් ධාවනය වූ යතුරුපැදියක් වේගය පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන තාප්පයක ගැටීමෙන් අනතුර සිදුව ඇති බවයි. අනතුරින් තුවාල ලැබූ යතුරුපැදියේ ගමන් කල පුද්ගලයන් දෙදෙනා පානදුර රෝහලට ඇතුලත් කර අතර එහිදී යතුරු පැදියේ පිටුපස ගමන් කල පුද්ගලයෙක් මිය ගියා. එලෙස මිය ගොස් ඇත්තේ පානදුර පිංවත්ත ප‍්‍රදේශයේ පදිංචි 17 හැවිරිදි තරුණයෙක්. අනතුරින් බරපතල තුවාල ලැබූ යතුරුපැදිකරු මේ වන විට වැඩිදුර ප‍්‍රතිකාර සදහා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර තිබෙනවා.
SIYATHA FM TOP STORY | 02:00 PM | Editor : Amila Udaraka