News Line| Off Air
Generic placeholder image

Latest Posts










Sep
5

ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමට බංගලාදේශයේදී ගල් ප්‍රහාරයක්…

2180 Views


ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමට බංගලාදේශයේදී ගල් ප්‍රහාරයක්…

මුලින්ම ක්‍රිකට් ක්‍රීඩකයොන්ට ගල් ගහන්න, ක්‍රීඩකයෝන්ගේ ගෙවල් ගිනි තියන්න පටන් ගත්තෙ ඉන්දියාව. කොහොමින් කොහොම හරි දැන් එක ලංකාවටත් බෝ වුණා. යාන්තම් වතුර බෝතල් වලින් ගහලා ලංකාවේ නම් ශේප් වුණා. පේන විදියට දැන් තවත් රටවල් වලට ඒක බෝ වීගෙන යනවා.

 

 

අලුත්ම ආරංචිය තමයි බංගලාදේශයේදී, ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමට ගල් ගහලා. ඕස්ට්‍රේලියා ක්‍රිකට් කණ්ඩායම ගමන් ගත්ත බස් රථයට තමයි මේ ගල් ප්‍රහාරය එල්ල වෙලා තියෙන්නෙ. මේ ප්‍රහාරයෙන් බස්රථයේ වීදුරුවක් කුඩුවෙලා ගිහින් තියෙනවා. හැබැයි කාටවත් තුවාලයක් නම් නෑ. ප්‍රහාරය ගැන මේ වෙද්දීත් පරීක්ෂණයක් ආරම්භ කරලා තියෙනවා. කොහොම වුනත් ප්‍රාදේශීය බලධාරීන් නම් කියන්නෙ කුඩා කඳු ගැටයකින් ආපු ගලක් බස් එකේ වදින්න ඇති කියලා.

 

 

මීළඟට පැවැත්වීමට නියමිත තරගය සදහා ආරක්ෂාව වැඩි කරන්න බංගලාදේශ ක්‍රිකට් බලධාරීන් කටයුතු කරලා තියෙනවා. බංගලාදේශ ක්‍රිකට් බලධාරීන් නම් කියන්නේ මේ වැඩේ සමහර විට විදී දරුවන්ගේ වැඩක් වෙන්න ඇති කියලා. කොහොම වුනත් ඉන්දියාව පටන් ගත්ත මේ වැඩේ ආසියාව පුරාම පැතිරීගෙන යන පාටක් තමයි තියෙන්නෙ.

 


News Articles
Latest Videos
Most Popular Post