එක්සත් කොරියාවක බලාපොරත්තු දල්වමින් උතුරු දකුණු කොරියානු නායකයින්ගේ ඓතිහාසික සාකච්ඡාව ඒකාබද්ධ ප‍්‍රකාශණයකින් නිමාවට පත්වුණා.
දෙරටේ දේශ සීමාවේ යුධ විරහිත පං මුං ජොං ප‍්‍රදේශයේදී මෙම ඓතිහාසික සාකච්ඡාවක් පැවැතුණා.
උතුරු කොරියානු නායක කිං ජොං අං අද දකුණු කොරියානු දේශ සීමාවට පැමිණීමෙන් පසු ජනාධිපති මුං ජේ ඉං විසින් ඔහුව සාදරයෙන් පිළිගත් අතර එහිදී උතුරු කොරියානු නායකයාගේ ඉල්ලීමකට අනුව දකුණු කොරියානු ජනාධිපතිවරයාද දේශසීමාව පසු කරමින් උතුරු කොරියාවටද ඇතුලත් විම කාගේත් අවධානය දිනාගත්තා.
පළමුවෙන්ම දෙරටේ නායකයන් හා දූත පිරිස අතර නිල සාකච්ඡා පැවති අතර ඉන් අනතුරුව දෙරටේ නායකයින් අතර පමණක් පෞ්දගලික සාකච්ඡාවක් පැවැති අතර එය විනාඩි 20කට වැඩි කාලයක් පැවතුණා.
පසුව දෙරටේ නායකයින් දෙදෙනා ඒකාබද්ධ ප‍්‍රකාශනයකට අත්සන් තැබුවා.
අනතුරුව අදහස් පළකල දකුණු කොරියානු ජනාධිපති මුං ජේ ඉං කියා සිටියේ න්‍යෂ්ටික අවිහරණය සදයා දෙරටේම නායකයින් එකග වු බවයි. එමෙන්ම එක්සත් කොරියාවක් බලාපොරත්තු වන බවයි උතුරු කොරියානු නායක කිං ජොං අං අදහස් දක්වමින් සඳහන් කලේ.
සාකච්ඡාවෙන් අනතුරුව දෙරෙටිම නායකයින්ගේ ආර්යාවන්ගේ හමුවක්ද පැවැත්වුණා.
SIYATHA FM TOP STORY | 04:00 PM | Editor : Shanuka Karunarathne