News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
28

බලපත‍්‍ර නොමැති මත්පැන් බෝතල් 50 ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

600 Views


බලපත‍්‍ර නොමැති මත්පැන් බෝතල් 50 ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

වෙසක් උත්සව සමයේ අලෙවි කිරීම සඳහා ගබඩා කර තිබූ මෙරට නිෂ්පාදිත මත්පැන් බෝතල් පනහක් සමග සැකකරුවෙකු ඊයේ රාති‍්‍රයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ බගවන්තලාව බ‍්‍රිඞ්වෙල් වතුයායේ නිවසක සඟවා තිබියදීයි.

බලපත‍්‍රයක් නොමැතිව මත්පැන් ගබඩා කර ඇති බවට බගවන්තලාව පොලිසියට ලැබුණු තොරතුරක් මත මෙම වැටලීම සිදුකර තිබෙනවා.

වෙසක් උත්සව සමයේ සුරාසැල් වසා තැබෙන බැවින් එම දිනවල අධික මිලකට මෙම මත්පැන් බෝතල් අලෙවි කිරිමටයි සැකකරු සැලසුම් කර තිබුණේ. අත්අඩංගුවට ගත් සැකකරු හා මත්පැන් බෝතල් තොගය හැටන් මහේස්ත‍්‍රාත්් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

වෙසක් උත්සව සමයේ නීතිවිරෝධී ලෙස මත්පැන් අලෙවි කරන්නන් සොයා පොලිසිය මගින් අඛණ්ඩව වැටලීම් කි‍්‍රයාත්මකයි.

SIYATHA FM TOP STORY | 09:00 AM | Editor : Sithara Athukorala


News Articles
Latest Videos
Most Popular Post