News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
28

බ්ලැක් මැන්ඩි මත් විශේෂය ශී‍්‍ර ලංකාවෙන් පළමුවරට හමුවෙයි.

1676 Views


බ්ලැක් මැන්ඩි මත් විශේෂය ශී‍්‍ර ලංකාවෙන් පළමුවරට හමුවෙයි.

ශ‍්‍රී ලංකාවේදී ප‍්‍රථම වරට බ්ලැක් මැන්ඩි නම් මත් විශේෂය සොයා ගත් බව සුරාබදු දෙපාර්තමේන්තුවේ විශේෂ වැටලීම් ඒකකය පවසනවා. ලද පැමිණිල්ලකට අනුව ඔස්ට්‍රියා ජාතිකයෙකු ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත්තේ තංගල්ල සංචාරක හෝටලයකදීයි. විදේශිකයා සන්තකයේ තිබු බ්ලැක් මැන්ඩි ප‍්‍රමාණය මිලි ග‍්‍රෑම් 8 200 ක් වන අතර එහි වටිනාකම රුපියල් ලක්ෂ 12 කට අධිකයි.

අත්අඩංගුවට ගත් ශ‍්‍රී ලාංකිකයන් දෙදෙනා ළඟ හසීෂ් මිලි ග‍්‍රෑම් 10 400 ක් තිබී හමුවූ බවත් ඒවායේ වටිනාකම රුපියල් ලක්ෂ දෙකහමාරක් බවත් විශේෂ වැටලීම් ඒකකය සඳහන් කළා.

බ්ලැක් මැන්ඩි නම් මත්ද්‍රව්‍යය සියයට 100 ක්ම කෘත‍්‍රිමව නිපදවනු ලබනවා.

මේ අතර හෂිස් මත්ද්‍රව්‍ය කිලෝ 5 ක් සමඟ කාන්තාවක් කටුනායක ජාත්‍යාන්තර ගුවන් තොටුපළේදී රේගුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

රේගු අධ්‍යක්ෂ සුනිල් ජයරත්න සුනිල් ජයරත්න සඳහන් කළේ අද උදෑසන තායිලන්තය බලා යාමට පැමිණි අවස්ථාවේදී ඇය අත්අඩංගුවට ගත් බවයි.

සැකකාරිය සතුව තිබී රේගු භාරයට ගත් හෂීස් තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 50 කට අධිකයි. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 32 හැවිරිදි ඉතාලි ජාතික කාන්තාවක්. ඇය සිය ගමන් මල්ලේ සඟවාගෙන මෙම මත්ද්‍රව්‍ය රැගෙන විත් ඇති බවයි රේගුව සඳහන් කළේ.

SIYATHA FM TOP STORY | 11:00 AM | Editor : Sithara Athukorala


News Articles
Latest Videos
Most Popular Post