News Line| Off Air
Generic placeholder image

Latest Posts










Sep
6

අද ලග්න 5 කට රෝග පීඩා. විස්තර මෙතනින් බලන්න.

1689 Views


අද ලග්න 5 කට රෝග පීඩා. විස්තර මෙතනින් බලන්න.

අද 2017 සැප්තැම්බර් මාසයේ 06 බදාදා

රාහු කාලය ප.ව 12.09 සිට 01.40

සුභ දිශාව උතුර

මරු සිටින දිශාව නිරිත

 

 

මේෂ ලග්නය

කටයුතු සම්පාදනය කර ගනිද්දී බොහෝ ජයග්‍රහණ අත් කර ගත හැකියි. නිවසින් පරිබාහිර කටයුතු සදහා වැඩි වශයෙන් කාලය මිඩංගු කරනවා. අතිශය කාර්යබහුල ස්වභාවයක් නිර්මාණය කෙරෙනවා. කොන්ද තුනටිය මුත්‍රාශය ආශ්‍රිත රෝගී තත්ව වලින් පුංචි පුංචි බාධා කම්කටොලු ගෙනත් දෙනවා. වෙළදාම් කටයුතු ලිපිලේඛන ආශ්‍රිත කටයුතු කළමනාකරණ කටයුතු ලේකම්ධුර ආශ්‍රිත කටයුතු වල කොමිස් මුදල් හිමි වීම් කටයුතු වල ජයග්‍රහණ අත් කර ගැනීමේ හැකියාව පවතිනවා. එවැනි කටයුතු වලින් ජයග්‍රහණ අත්කර ගන්න වගේම ජීවිතය දීප්තිමත් කර ගන්න ඉඩකඩ පවතිනවා. මෝර පිරිත සජ්ජායනා කරන්න ශ්‍රවණය කරන්න.

ජය වර්ණය ලා කොළ පැහැය                    ජය අංකය 07

 

වෘෂභ ලග්නය

කොන්ද තුනටිය මුත්‍රාශය ආශ්‍රිත රෝගී තත්ව වලින් පුංචි පුංචි බාධාකාරී තත්ව ඇති විය හැකියි. ඔබ අතගහන බොහෝ කටයුතු බොහොම පහසුවෙන් සාර්ථකත්වය කරා යොමු කරගන්නවා. වෘත්තිමය කටයුතු දියුණු කර ගන්න හැකියාව පවතිනවා. ඒ ආශ්‍රිත කාන්තා පාර්ශවයන්ගේ උදව් උපකාර ඔබට නිරන්තරයෙන්ම හිමි වෙනවා. ලිපිලේඛන ආශ්‍රිත කටයුතු වලින් බොහෝ ජයග්‍රහණ අත්කර ගත හැකියි. ගමන් බිමන් යාම් ආශ්‍රිත කටයුතු වලිනුත් අලුත් යාලු හිතමිතුරන් හදුනා ගැනීමේ ඉඩකඩ පවතිනවා. තමන්ගේ දු දරුවන් සම්බන්ධ කාරනා වලට යම් ආකාරයකට කාලය වෙන් කරන්න සිදු වෙනවා. එවැනි කටයුතු වලින් සිතේ සතුටක් බොහොම පහසුවෙන් උදා කරගන්න පුළුවන්. පපුව ආශ්‍රිත රෝගී තත්ව පිලිබදව කල්පනාකාරී වන්න.

ජය වර්ණය ලා නිල් පැහැය                       ජය අංකය 07

 

මිථුන ලග්නය

මිල මුදල් යාන වාහන වාසස්ථාන පිලිබදව පුංචි හෝ බාධාකාරී තත්වයක් තිබුනානම් එවැනි ගැටලුකාරී ස්වභාව අවම කරගත හැකියි. ඔබගේ පවුලේ උදවිය සමග පුංචි පුංචි මතවාද ගැටුම් ඇති වීමේ ඉඩකඩ පවතිනවා. යම් ආකාරයක මුල්‍යමය අස්ථාවරකම් පැන නැගීමේ ඉඩකඩ පවතිනවා. කල්පනාකාරීව කටයුතු කරන්න. ආමාශගත රෝග මුත්‍රාශය ආශ්‍රිත රෝගී තත්ව විටින් විට ඉස්මතු වෙනවා. ඔබට වඩා උසස් උගත් පුද්ගලයන්ගේ ඇසුර ඔබට උදා වෙන නිසාම බාධාකාරී තත්වයක් පැවතුණත් ඒ තත්ව පහසුවෙන්ම මග හරවා ගන්න පුළුවන්.

ජය වර්ණය දීප්තිමත් කොළ පැහැය                      ජය අංකය 03

 

කටක ලග්නය

කල්පනාකාරීව තීන්දු තීරණ ගත යුතුයි. හිතට විවිධාකාර අදහස් උදහස් පහල වෙනවා. ඒ අදහස් සාර්ථක කරගන්න දරන මහන්සියෙන් එතරම් යහපත් ප්‍රථිපලයක් ලැබෙන්නේ නැහැ. අවසානයේදී ඔබම ඔබේ වැරදිකාරයා බවට පත්වෙලා චිත්ත පිඩා මානසික අසහනකාරී තත්ව ඇති විය හැකියි. අනවශ්‍ය වියදම්කාරී තත්ව ඉහල යා හැකියි. වචන භාවිත කිරීම් නිසා අන් අයගේ සිත් රිදීම් ඇති වෙලා නෝක්කාඩු ඇති විය හැකියි. ජලජ ජිවින්ට ආහාර ලබා දෙන්න.

ජය වර්ණය ලා දම් පැහැය                        ජය අංකය 03

 

සිංහ ලග්නය

මානසික ඒකාග්‍රතාවය අහිමි වීම මුලික කරගෙන තරමක කේන්ති සහගත ස්වභාව වගේම බාහිර සමාජ සමග ගැටුම් ඇති කර ගැනීමේ ඉඩකඩ පවතිනවා. ඉවසිලිවන්ත ස්වභාවය වඩාත් වැදගත් වෙනවා. ගෘහාශ්‍රිත කටයුතු වලින් පුංචි පුංචි බාධාකාරී තත්ව ඇති වෙනවා. හවුල් ව්‍යාපාර කටයුතු ප්‍රේමනීය කටයුතු නම් යම් ප්‍රමාණයකට හෝ සාර්ථක කර ගැනීමේ හැකියාව පවතිනවා. කාන්තා පාර්ශවයේ කටයුතු වලදී තරමක් කල්පනාකාරීව තීන්දු තීරණ ගන්න. විදේශ ගමන් සදහා ආරාධනා ලැබෙනවා.

ජය වර්ණය ලා කොළ පැහැය                    ජය අංකය 07

 

කන්‍යා ලග්නය

අපේක්ෂා කරන කටයුතු යම් ප්‍රමාණයකට හෝ සාර්ථක කර ගැනීමට හැකියාවක් පවතින දවසක්. දුර බැහැර ගමන් සදහා ආරාධනා ලැබෙනවා වගේම එවැනි ගමන් නිසා හිතමිත්‍ර සම්බන්ධතා යම් ප්‍රමාණයකට පළුදු වීමේ ඉඩකඩ පවතිනවා. කොහොම වුනත් පපුව ආශ්‍රිත රෝගී තත්ව වලිනුත් පුංචි පුංචි බාධාකාරී තත්ව ඇති කරාවි. මිලදී ගැනීම් ආශ්‍රිත කටයුතු අලෙවිකරණය ආශ්‍රිත කටයුතු පොත්පත් ආශ්‍රිත කටයුතු වගේම දියරමය ක්ෂේත්‍ර ආශ්‍රිත කටයුතු වලින් දියුණුවක් අපේක්ෂා කල හැකියි. සියුම් ආමාශගත රෝගී තත්ව ඇති වීමේ අවධානම් සහගත තත්වයක් පවතිනවා. කොහොඹ වෘක්‍ෂයකට ජලය වත්කර දවස ආරම්භ කරන්න.

ජය වර්ණය දීප්තිමත් කහ පැහැය                ජය අංකය 06

තුලා ලග්නය

තරමක කාර්යබහුල ස්වභාවයක් ඇති වෙනවා. වෙළදාම් කටයුතු වෘත්තිමය කටයුතු බොහොම පහසුවෙන් සාර්ථක කරගන්න පුළුවන්. කෙටි ගමන් බිමන් රාශියක් යෙදෙන නමුත් ඒ හරහා ඔබට යාලු මිත්‍ර සම්බන්ධකම් ඇති වෙනවා. අලුත් අලුත් දේවල් මිලදී ගන්නත් ඉතාමත්ම යෝග්‍ය දවසක්. ඉදිකිරීම් ක්ෂේත්‍ර ආශ්‍රිත කටයුතු වලත් යම් පැහැදිලි දියුණුවක් අපේක්ෂා කල හැකියි. ලිපිලේඛන ආශ්‍රිත කටයුතු අත්සන් තැබීම වැනි කටයුතු වලින් යම් ජයග්‍රහණයක් අත් කර ගන්න පුළුවන්. වාචික පොරොන්දු ගිවිසුම් නිසා මානසික පිඩාකාරී ස්වභාවයක් ඇති වෙනවා. අධ්‍යාපනික කටයුතු දූදරුවන හා සම්බන්ධවන කටයුතු ජයග්‍රාහී ලීලාවෙන්  පවත්වා ගෙන යන්න පුළුවන් නිසා බොහෝ ජයග්‍රහණ සහිත දිනයක්.

ජය වර්ණය ලා දම් පැහැය                        ජය අංකය 05

 

වෘශ්චික ලග්නය

 

පෙර පින ඉස්මතු කර ගැනීමේ හැකියාව පවතිනවා. තමන්ට තියෙන අපල උපද්‍රව දුරු කර ගැනීම සදහා පිළිවෙත් ඉටු කරන්න පුළුවන්. වැටකෙයියා පැලයකට ජලය වත් කරලා දවසේ කටයුතු ආරම්භ කරන්න. රැකිරක්ෂා කටයුතු වෙළදාම් කටයුතු කෙටි ගමන් බිමන් ආශ්‍රිත කටයුතු ආයෝජන සම්බන්ධ කටයුතු වලිනුත් බොහෝ වාසි ඇතිවිය හැකියි. භුමිය හා සම්බන්ධ කටයුතු ඉංජිනේරු සේවා ආශ්‍රිත කටයුතු තාක්ෂණික මෙවලම් ආශ්‍රිත කටයුතු බොහොම පහසුවෙන් සාර්ථක කරගත හැකියි. වැඩිහිටි ඥාතීන් සමග කරන ගනුදෙනු වලදී තරමක් කල්පනාකාරීව තීන්දු තීරණ ගන්න.

ජය වර්ණය දීප්තිමත් කොළ පැහැය                        ජය අංකය 05

 

ධනු ලග්නය

රැකිරක්ෂා වෙළදාම් කටයුතු අශ්‍රිතව තරමක බාධාකාරී තත්ව ඇති වීමේ අවධානමක් පවතිනවා. පරිපාලනමය කටයුතු උපදේශනාත්මක වෘත්තීන් වල නිරත වෙලා ඉන්න අයට නම් ඉතාමත්ම යහපත්. දුර බැහැර ගමන් වලදී පුංචි පුංචි පිඩා ඇති විය හැකියි. යම් රෝගී තත්වයක් මුලික කරගෙන බෙහෙත් ගැනීමට සිදු වෙනවා. ලේ ධාතුව සම්බන්ධ රෝගයකින් පීඩා විදිනවනම් ඒ පිලිබදව අවධානය යොමුකරන්න. පියපස ඥාතීන් සමග කරන ගනුදෙනු වලදී වාසි හිමිවෙනවා. ඔවුන්ගෙන් යම් උදව්වක් උපකාරයක් නැත්තම් යම් තාග්‍යමය මුදලක් හිමිවිය හැකියි. විජයග්‍රහී ලීලාවෙන් ආරම්භ කරන බොහෝ කටයුතු අවසන් කරන්න දැඩි කැපවීමක් අවශ්‍ය වෙනවා.

ජය වර්ණය ලා කහ පැහැය                       ජය අංකය 03

 

මකර ලග්නය

තරමක විනෝදකාමී දිනයක්. හවුල් ව්‍යාපාර කටයුතු ප්‍රේමනීය කටයුතු බොහොම පහසුවෙන් සාර්ථක කර ගන්න පුළුවන්. පැරණි හිතමිත්‍රකම් අලුත් කරගන්න ඉතාමත්ම යහපත් දවසක්. හවුලේ කරන කටයුතු වලටත් ගිවිසුම් වලට එළඹීමටත් ඉතාමත්ම යෝග්‍යයි. ගුරුවරුන්ගෙන් යම් උදව්වක් උපකාරයක් ලබා ගැනීමේ හැකියාව පවතින දවසක්. ඇගලුම් ක්ෂේත්‍ර ආශ්‍රිත කටයුතු භුමිය හා සම්බන්ධ වන්නා වූ කටයුතු වැවිලි ක්ෂේත්‍ර ආශ්‍රිත කටයුතු දියුණු කරගන්න පුළුවන්. දකින දකින දේ මිලදී ගන්න සිත යොමුවන නිසා ඔබගේ මුදල් පසුම්බිය පිලිබදව වෙනදට වඩා සැලකිලිමත් වන්න.

ජය වර්ණය ලා නිල් පැහැය                     ජය අංකය 07

 

කුම්භ ලග්නය

සේවක සේවකාදීන් පිලිබදව ගැටළුකාරී තත්ව තිබුණානම් ඒවා යටපත් කර ගැනීමේ හැකියාව පවතිනවා. තමන්ගේ කටයුතු පහසුවෙන් කර ගැනීමේ ඉඩකඩ පවතිනවා. තමන්ගේ වාසස්ථාන ආශ්‍රිතව යම් ආකාරයක වෙනස් කිරීමක් අද දවසේදී කරනවා. මානව සම්පත් කළමනාකරණය ආශ්‍රිත කටයුතු වලින් බොහෝ යහපත් ප්‍රථිපල නෙලා ගත හැකියි. මානසික සංතෘප්තිය උදෙසා දවසේ වැඩි කාලයක් මිඩංගු කරනවා. කටයුතු සම්පාදනය කරගනිද්දී මුත්‍රාශය ආශ්‍රිත කටයුතු කොන්ද තුනටිය ආශ්‍රිත කටයුතු ආදී දේවලුත් බොහෝ දුරට සාර්ථක කරගන්න පුළුවන්.

ජය වර්ණය ලා නිල් පැහැය                       ජය අංකය 09

 

මීන ලග්නය

තරගකාරී කටයුතු වලට ඉතාමත්ම යෝග්‍ය දවසක්. විභාග ආදී කටයුතු වලටනම් අද දවස එතරම් යහපත් නොවේ. සෙම් සහිත රෝග වලින් යම් ආකාරයක පිඩාවක් දවසේ කටයුතු වලට ඇති වෙනවා. ශරීර සෞඛ්‍ය වගේම ශක්තිය ඉතාමත්ම යහපත් මට්ටමක ඉඩකඩ පවතිනවා. වෙනදට වඩා කුසගිනි ඇති වෙන දිනයක්. අනවශ්‍ය ගමන් බිමන් කෙටි ගමන් බිමන් ආදී දේවල් තාවකාලිකව නතර වෙනවා. ශරීර සෞඛ්‍ය ශක්තිමත් කරගත හැකියි. පරිපාලනමය හැකියාවන් විවාහ ජීවිතය ආශ්‍රිත ඇතිවෙන බාධාවන් යටපත් කරගත හැකියි.

ජය වර්ණය ලා කහ පැහැය                        ජය අංකය 08

 

ප්‍රවීණ ජෝතිශ්‍යවේදී : කැළුම් ගුණතිලක

දුරකථන අංකය : 0766765353

 


News Articles
Latest Videos
Most Popular Post