News Line| Off Air
Generic placeholder image

Apr
30

රටම බලා සිටි කැබිනට් සංශෝධනය අද?

1059 Views


රටම බලා සිටි කැබිනට් සංශෝධනය අද?

වත්මන් ආණ්ඩුවෙන් ශ්‍රීලනිප මැති ඇමතිවරු 16 දෙනෙක් පහුගිය දවසක ඉවත්වුණා. ඒ නිසා ඇමතිධූර කිහිපයකුත් හිස්වුනා. ඒ නිසා අද හෙටම තවත් කැබිනට් සංශෝධනයක් කරනවා කියලා පහුගිය දවස් වල වාර්තා වුණා.

පෙරේදා (28) තංගල්ලේ තිබ්බ රැස්වීමකදී මහින්ද අමරවීර අමාත්‍යවරයා කිව්වේ සඳුදා කැබිනට් සංශෝධනයක් සිදු වෙනවා කියලා. ඒ වගේම මේ සැරේ කැබිනට් සංශෝධනය ජනාධිපතිතුමා විද්‍යාත්මක පදනමක් යටතේ සිදු කරනවා කියලත් අමාත්‍යවරයා සඳහන් කරා.

කොහොම වුනත් සියත FM ප්‍රවෘත්ති අංශය තවත් අමාත්‍යවරු කිහිප දෙනෙක්ගෙන්ම මේ ගැන විමසුවා. ඔවුන් නම් කිව්වේ ඒ සම්බන්ධයෙන් තම ඔවුන්ට කිසිම කැඳවීමක් කරලා නෑ කියලා.


News Articles
Latest Videos
Most Popular Post