Selfie කියන්නෙ අද කාලේ වසංගතයක්. දැන් ගොඩක් අය උත්සහා කරන්නෙ අවදානම් තැනක ඉදන් Selfie ගහන්න. ඒ නිසාම Selfie ගහන්න ගිහින් නැති වුණ ජිවිත ගාණත් සුළුපටු නෑ. ඒ හින්දයි සමහර රටවල Selfie ගහන එක තහනම් කරලා තියෙන්නේ. ඒත් මේ Selfie පිස්සුව නම් තාම අපිට හොද කරගන්න බැරි වෙලා තියෙනවා.
මේ කියන්න යන්නෙත් ඒ වගේ භයානක Selfie ගැහිල්ලක් ගැන. හිතන්නකෝ අඩි තිස් හතලිස් දාහක් උඩින් යන ගුවන් යානයක, ජනේලයෙන් එළියට ඔලුව දාලා Selfie යක් ගැහුවොත් කොහොමට හිටීද? මතක් වෙද්දීත් ඇග හිරි වැටෙනවා නේද? ඒ වුණාට එහෙම ගහපු selfie ත් තියෙනවා. ගුවන් නියමුවෙක් තමයි මේ විදියට ගුවන්යානයේ යන ගමන් ඉහළ අහසෙදි Selfie ගහලා තියෙන්නෙ. Pilotganso කියන ඔහුගේ Instagram ගිණුමේ තමයි මේ Selfie ඡායාරුප පලකරලා තියෙන්නෙ. ඔහුගේ ගොඩක් රසිකයෝ මේකට Comment කරලත් තිබ්බා.
“ඇයි ඔයා භායනක වැඩ කරන්නෙ. ඔයාව පහළට වැටුනොත් මගීනුත් අනතුරේ නේද?,”
“වාව්! ඔයාට බය නැද්ද”
“මේක නම් අත්තක් වෙන්න බෑ, ඔයාගේ Company එකේ මේවට නීති රීති නැද්ද?”
මේ වගේ Cemments තමයි ගොඩක්ම ලැබිලා තිබුණේ.
පහුගිය දවස් වල සමාජ ජාල වෙබ් අඩවි වලත් මේ Photos Share වෙනවා ඔබ දකින්න ඇති. හැබැයි අපිට ලැබුණ අලුත්ම ආරංචිය තමයි මේ ඡායාරුප හැම එකක්ම Edit කරපුවා. මේ ඡායාරුප වල ඉන්න Pilot ම තමයි ඒක කියලා තියෙන්නෙ.
ඒ Photos ඔහුමයි Photoshop වලින් Edit කරලා තියෙන්නෙ. හැබැයි ඒ වැඩේ නම් නියමෙට කරලා තිබ්බා. ලෝකෙ වටේම මිනිස්සු ඒකට රැවටුනා. ඒත් ඔබ ඇස් ඇරලා බලන්න Pilot ගේ sun glass දිහා. එතකොට ඔබට වැඩේ තේරේවි.