News Line| Off Air
Generic placeholder image

Latest Posts










Sep
6

සල්මාන් ඛාන්ට Heart Attack එකක්?

1435 Views


සල්මාන් ඛාන්ට Heart Attack එකක්?

Film එකක Shooting තියෙන තැනක් කියන්නේ අමුතු අමුතු දේවල් සිද්ධ වෙන තැනක්. සමහර වෙලාවට තරු පේන වැඩත් සිද්ධ වෙනවා. ටික දවසකට කලින් සුරූපි බොලිවුඞ් නිළි අනුශ්කා ශර්මාගේ Pari Film එකේ Shooting අතරෙ කාර්මික ශිල්පියෙක් මරණයට පත්වුනා. ඒ නිසා අනුශ්කාට පොලිසි යන්නත් සිද්ධ වුනා.

එතකොට TIGER ZINDA HAI Film එකේ ක‍්‍රියාදාම ජවනිකා රූගත කරද්දි සල්මාන්ට Heart Attack එකක් හැදුනා කියලත් පහුගිය දවස් ටිකේ කටකතාවක් පැතිරිලා තිබුණා.

සුපිරි බොලිවුඩ් නලූ සල්මාන් ඛාන් දැන් ඉන්නෙ අබුඩාබි වල. ඒ TIGER ZINDA HAI එකේ Shooting නිසා. මේ දවස් වල අබුඩාබි වල උෂ්ණත්වය සෙල්සියස් අංශක 50 ක් ලු. හැබැයි Film අධ්‍යක්ෂවරයා ඊයේ ප‍්‍රසිද්ධියෙම කියලා තිබුණා සල්මාන්ට Heart Attack හැදුනා කියන කතාව පට්ටපල් බොරුවක් කියලා. ඔහු කියන විදිහට සල්මාන්ට හෙම්බිරිස්සාවක් වත් හැදිලා නෑලූ. කිසිම ප‍්‍රශ්නයක් නැතුව Film එකේ Shooting කෙරෙනවා කියලයි අධ්‍යක්ෂවරයා කිව්වෙ. කොහොම වුනත් TIGER ZINDA HAI Film එක මේ අවුරුද්දේ දෙසැම්බර් 22 වෙනිදා Release වෙනවා. සල්මාන් එක්ක TIGER ZINDA HAI එකේ රඟපාන්නේ සුරූපි බොලිවුඞ් නිළි කට්රිනා කයිෆ්.

මේ තියෙන්නේ Shooting අතරතුර ගත්ත Photos…

  

 

මේ තියෙන්නේ  Film Traillerඑක 

https://www.youtube.com/watch?v=CuwV_jSP-VU


News Articles
Latest Videos
Most Popular Post