අභාවප‍්‍රාප්ත හෙළයේ මහා සිනමාවේ දී අචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ දේහය මේ වන විට කොළඹ නිදහස් චතුරශ‍්‍රයේ තැන්පත් කර තිබෙනවා. එහිදී ලෙස්ටර් ජේ්ම්ස් පීරිස් මහතාට අවසන් ගෞරව දැක්වීම සඳහා මහජනතාවට පස්වරු 03 දක්වා අවස්ථාව පවතිනවා.
අද පෙරවරුවේ ආගමික වතාවත් සිදුකිරීමෙන් අනතුරුව ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ දේහය, නිවසේ සිට රථ පෙරහැරකින් කොළඹ නිදහස් චතුරශ‍්‍ර පරිශ‍්‍රය දක්වා රැගෙන එනු ලැබුවා. ජාතික චිත‍්‍රපට සංස්ථාව අසල සිට පාගමනින් දේහය නිදහස් චතුරස‍්‍ර පරිස‍්‍රය දක්වා රැගෙන එනු ලැබුවේ සිනමාවේදීන් ඇතුළු කලාකරුවන් විසින්.
හෙළයේ මහා සිනමාවේදී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා දේශීය සිනමාව වෙනුවෙන් සිදුකරන ලද අනූපමේය සේවයට ගෞරව කිරීමක් වශයෙන් අද දින ශෝක දිනයක් ලෙසද රජය විසින් ප‍්‍රකාශයට පත් කර තිබෙනවා.
ආදහන උත්සවය පැවැත්වෙන කාලයේ දී කොළඹ නිදහස් චතුරශ‍්‍රය හා ඒ අවට විශේෂ රථවාහන සැළැස්මක් ක‍්‍රියාත්මකයි.
SIYATHA FM TOP STORY | 01:00 PM | Editor : Nayomi Karunasinghe