ලබන 8 වනදා මධ්‍යම රාත‍්‍රියේ සිට වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට දුම්රිය වෘත්තීය සමිති තීරණය කර තිබෙනවා.
දුම්රිය එන්ජින් ජියදුරනන්ගේ සංගමයේ ලේකම් ඉන්දික දොගම්ගොඩ මහතා සියත ප‍්‍රවෘත්තී වෙත කියා සිටියේ දුමිරිය වෘත්තිකයන්ගේ වැටුප් විෂමතාවයන් නිවැරදි කිරීම ඇතුලූ ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් එම වර්ජනය ක‍්‍රියාත්මක කරන බවයි.
දුමිරිය එන්ජින් රියදුරන් නියාමකවරුන් සහ පාලකවරුන් එම වර්ජනය සදහා එක් වීමට නියමිත බව ඔහු සදහන් කලා
ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිම්න් දුම්රිය වෘත්තීය සමිති අවසන් වරට අඛණ්ඩ වැඩ වර්ජනයක නිරත වුනේ පසුගිය දෙසැමිබර් මාසයේදීයි. ඒ හේතුවෙන් මගී ජනතාව දැඩි අපහසුතාවයට පත් වුනා.
SIYATHA FM TOP STORY | 10:00 AM | Editor : Nayomi Karunasinghe