News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
4

ක‍්‍රිකට් නිලවරණය මැයි මස 31 ට පෙර පවත්වන බවට ක‍්‍රීඩා ඇමතිගෙන් ප‍්‍රකාශයක්

671 Views


ක‍්‍රිකට් නිලවරණය මැයි මස 31 ට පෙර පවත්වන බවට ක‍්‍රීඩා ඇමතිගෙන් ප‍්‍රකාශයක්

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ නිල වරණය මැයි මස 31 වනදාට පෙර පවත්වන බව ක‍්‍රීඩා අමාත්‍ය ෆයසිර් මුස්තාපා මහතා පවසනවා.

ක‍්‍රීඩා අමාත්‍යංශයේ අද පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු සදහන් කලේ ඒ සදහා අවශ්‍ය කරන නීතිමය කටයුතු මේ වන විට සිදු වෙමින් පවතින බවයි.

මේ අතර ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ නිල වරණය සදහා නිල වරණ කමිටුවක් පත් කිරීමට තමන්ද එකග බව ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල මහතා පසුගියදා සදහන් කලා.

කෙසේ වුවත් නව නිලවරණ කමිටුවක් පත් කර ක‍්‍රිකට් නිලවරණයක් පැවැත්වීමේදී නීතිමය ගැටලූ කිහිපයක් ඇති වන බව ක‍්‍රීඩා බලධාරීන් පවසනවා.

ක‍්‍රීඩා පනතට අනුව නිලවරණ කමිටුව පත් කොට දින 40 කින් පසුවයි නිලවරණය පැවැත්වීමට නීතිමය හැකියාව පවතින්නේ.

ඒ අනුව මැයි 31ට පෙර ක‍්‍රිකට් නිලවරණය පැවැත්වීමට හැකියාවක් නොමැති බව බලධාරීන් පවසනවා.

SIYATHA FM TOP STORY | 04:00 PM | Editor : Amila Udaraka


News Articles
Latest Videos
Most Popular Post