News Line| Off Air
Generic placeholder image

May
9

කටුනායක ගුවන් තොටුපළ ගිනි ගනී.

1175 Views


කටුනායක ගුවන් තොටුපළ ගිනි ගනී.

ලංකාවේ ප්‍රධානම ගුවන් තොටුපළ තමයි කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ. දවසකට සිය ගණනක් ගුවන් ගමන් කටුනායකින් ආරම්භ වෙනවා. අද අළුයම කටුනායක ගුවන් තොටුපළේ ගින්නක් හට ගත්තා.

ගින්න හටගෙන තියෙන්නේ ගුවන් තොටුපළේ තීරු බදු රහිත සාප්පු සංකීර්ණයට අයිති ගබඩාවක. ගින්නට හේතුව නම් තම හොයාගෙන නෑ. ගුවන් තොටුපළේ ගිනි නිවීමේ ඒකකය මේ වෙද්දී ගින්න පාලනය කරලා තියෙනවා.

කොහොම වුනත් ගින්න නිසා ගුවන් ගමන් වලට බාධා ඇති වුණේ නෑ. කටුනායක ගුවන් තොටුපළ පොලීසිය පරීක්ෂණ ආරම්භ කරලා තියෙනවා.


News Articles
Latest Videos
Most Popular Post