තාත්තට හාට් ඇටෑක්, අම්මට ආතරයිටිස්, මල්ලිට ගැස්ට්‍රයිටිස්, මට හෙඩේක්. බලං ගියාම අපේ ගෙදරත් ඔබේ ගෙදර වගේම ලෙඩ වාට්ටුවක්. මේ ලෙඩ කවදා හොද වෙයිද මන්දා? කීයක් දීලා හරි වේදනාව අඩු කරගන්න ක්‍රමයක්නේ දැන් ඔබ හොයන්නේ. මේ තියෙන්නේ එකට 7ක්ම. හැබැයි සත 5ක් වියදම් වෙන්නේ නෑ, අතුරු ආබාධ නෑ, අපි කිව්වට මේව වෙන අය ඔබට කියන්නෙත් නෑ.
ලෝකේ තියෙන ලෙඩ ගොඩකට සරල වේදනා නාශක 7ක් හොයාගන්න වෛද්‍යවරුන් පිරිසක් සමත් වුණා. මේ තියෙන්නේ ඒ සොයා ගැනීම.

2. කැමතිම කෑම ගැන මතක් කරන්න.

3. භාවනා කරන්න.

4. මොකක් හරි වචනයක් 20 – 30 පාරක් නැවත නැවත මුමුනන්න.

5. සංගීතයට ඇහුම්කන් දෙන්න.

6. නිදාගන්න කලින් විනාඩි 15ක් විතර මොනවා හරි ලියන්න.

7. හයියෙන් හිනාවෙන්න.

හිසරදය, ආතරයිටිස් සහ නිදන් ගත රෝග සියල්ලකටම මේ වේදනා නාශක 7 වලංගුයි. වෙලාවෙ හැටියට ඔබට කරන්න පහසුම දේ කරන්න. එතකොට ඔබට දැනෙන වේදනාව ඉබේටම පහවෙලා යාවි.
මේ කතා ඇත්තද බොරුද කියලා දැනගන්න ලෙඩකදි එක පාරක් අත්හදා බලන්න.හරි ගියොත් මතක ඇතුව මේ ගැන අනිත් අයටත් කියන්න. මේ රහස මෙතනින් එහාටත් රහසක් නොවෙන්නයි අපිට ඕනේ.