එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංවිධාන වැඩපිළිවෙල මේ දවස්වල සිද්ධ වෙනවා. පක්ෂයේ ලොකු පුටුවලට පහුගියදා නායකයින් පත් කරා. පක්ෂයේ ඉදිරි කටයුතු ගැන සාකච්ඡා කරන්න දේශපාලන මණ්ඩලය රැස් වුණා.
පක්ෂයේ ප්‍රධාන තනතුරු වලට සහය වෙන්න අලුතෙන් නියෝජ්‍ය තනතුරු ඇති කරන්න මේ රැස් වීමේදී තීරණය කරා. පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලයේදී රැස්වීම පැවැත් වුණා.