News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
10

IOC සමාගමත් යළිත් තෙල් මිල ඉහළ දමයි.

1265 Views


IOC සමාගමත් යළිත් තෙල් මිල ඉහළ දමයි.

IOC සමාගමත් ආයෙත් සැරයක් තෙල් මිල ඉහල දමන්න තීරණය කරලා තියෙනවා. ඒ ලංකා ඛනිජ තෙල් සමාගමේ මිලට සමාන වෙන්න. මිට කලිනුත් IOC සමාගම තෙල් මිල ඉහළ දැම්මා.

අද මධ්‍යම රාත්‍රියේ ඉඳන් IOC සමාගමේ තෙල් මිලත් ඉහළ යනවා. ඒ අනුව ලංකා ඛනිජ තෙල් සමාගමේ සහ IOC සමාගමේ මිල සමාන වෙනවා.

ඒ අනුව IOC සමාගමේ ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 137 ක් වෙනවා. ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 148 දක්වා ඉහළ ගිහින් තියෙනවා. භූමිතෙල් ලීටරයක මිල රුපියල් 101 ක් දක්වා ඉහළ යනවා. ඩිසල් ලීටරයක් 109 ක් සහ සුපර් ඩිසල් 119 ක් දක්වා ඉහළ යනවා.


News Articles
Latest Videos
Most Popular Post