News Line| Off Air
Generic placeholder image

May
11

ස්ථානාධිපතිවරුන් නිසා දුම්රිය හදිසියේ නවතී.

588 Views


ස්ථානාධිපතිවරුන් නිසා දුම්රිය හදිසියේ නවතී.

පහුගිය දවස් දෙකේ දුම්රිය වැඩවර්ජනයක් කරන්න හිටියත් ඒ ප්‍රශ්නය ගොඩින් බේරා ගත්තා. හැබැයි හිටපු ගමන් ආයෙත් දුම්රිය වර්ජනයක් පටන් අරගෙන තියෙනවා.

නාවලපිටිය දුම්රිය ස්ථානයේ ස්ථානාධිපතිවරයා ඇතුළු කාර්ය මණ්ඩලය තමයි මේ වැඩ වර්ජංඅයුඅ ආරම්භ කරලා තියෙන්නේ. මේ නිසා දුම්රිය දෙකක් අතරමග නැවතිලා තියෙනවා.

අලුයම 1.30 ට නාවලපිටිය දුම්රිය ස්ථානයට ආව දුම්රිය සංඥා නොලැබීම නිසා එතනින් එහාට ධාවනය වෙලා නෑ. මේ නිසා දුම්රියේ ආව මගීන් අතර නොසන්සුන්තාවයක් ඇති වුණා. තත්වය පාලනය කරන්න දුම්රිය ස්ථානයට පොලිස් ආරක්ෂාවත් යෙදෙව්වා.

මේ අතර රඹුක්කන සහ බදුල්ල අතර දුම්රිය ස්ථාන වල ස්ථානාධිපතිවරුන් වැඩවර්ජනයක් පටන් අරගෙන තියෙනවා. මේ නිසා රඹුක්කනින් පටන් ගන්න කාර්යාල දුම්රිය ඇතුළු දුම්රිය කිහිපයක් ප්‍රමාද වෙලා ධාවනය වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post