News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
12

බස් ගාස්තු ඉහළ නැංවීමේ යෝජනාව කැබිනට් මණ්ඩලයට යොමු කළ යුතුයි – ප‍්‍රවාහන නියෝජ්‍ය ඇමති කියයි

616 Views


බස් ගාස්තු ඉහළ නැංවීමේ යෝජනාව කැබිනට් මණ්ඩලයට යොමු කළ යුතුයි – ප‍්‍රවාහන නියෝජ්‍ය ඇමති කියයි

පෞද්ගලික බස් ගාස්තු ඉහළ දැමීම සම්බන්ධ ඉල්ලීමට අනුමැතිය දීම සඳහා කැබිනට් මණ්ඩලයට යොමු කළ යුතු බව ප‍්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා පවසනවා.

ඔහු සඳහන් කළේ, ඉන්ධන මිල වැඩි වීමෙන් පෞද්ගලික බස් හිමියන්ට ඇතිව තිබෙන බලපෑම පිළිබඳ රජයේ අවධානය යොමුව ඇති බවයි.

කෙසේ වෙතත් ලංකා ගමනාගමන මණ්ඩලයේ හා දුම්රිය ගාස්තු ඉහළ නැංවීම සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නොමැති බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා ප‍්‍රකාශ කළේ. ඒ මහතා සඳහන් කළේ, ත‍්‍රිරෝද රථ ගාස්තු රජය නියාමනය නොකරන බවයි.

මේ අතර ඉදිරි සතිය තුළ බස් ගාස්තු සියයට 10 කින් ඉහළ දැමිය යුතු බව ඊයේ මාධ්‍ය හමුවක් කැඳවමින් පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කළා.

SIYATHA FM TOP STORY | 10:00 AM | Editor : Sithara Athukorala


News Articles
Latest Videos
Most Popular Post