News Line| Off Air
Generic placeholder image

Latest Posts










Sep
7

ඊයේ ඉන්දියාව දිනුවේ හොර කරලා, Toss එක ආවේ ලංකාවට – Video සාක්ෂිය මෙන්න.

2362 Views


ඊයේ ඉන්දියාව දිනුවේ හොර කරලා, Toss එක ආවේ ලංකාවට – Video සාක්ෂිය මෙන්න.

ක්‍රිකට් තරගයක කාසියේ වාසිය කියන්නේ ගොඩක් වැදගත් දෙයක්. මොකද පිටියේ තත්වය අනුව ඉස්සෙල්ලම Bat කරනවද Ball කරනවද කියන එක තීරණය කරන්න පුළුවන්. ඒ නිසා කාසියේ වාසිය තරගයේ ජයග්‍රහණයටත් ලොකුවට බලපානවා.

ඊයේ ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර තිබුණ තරගයේත් කාසිය වාසිය දිනුවේ ඉන්දියාව. එත් ඇත්තටම ඊයේ කාසියේ වාසිය ආවේ ලංකාවට. ඒ වුනාට නිවේදකයා කරපු හොර වැඩක් නිසා කාසියේ වාසිය ඉන්දියාවට දුන්නා. කාසියේ වාසිය උරගා බල වෙලාවේ එතන හිට්යේ උපුල් තරංග, විරාට් කෝලි, තරග තීරක හා නිවේදකයා විදියට ඉන්දියාවේ හිටපු ක්‍රීඩක මුරලි කාර්තික්. තරංග Toss එක උඩ දාන කොටම කෝලි Head කියලා කියනවා. බිම වැටුන කාසිය තණ තිල්ල දිගේ ටිකක් දුරට ඇදිලා යනවා. ඒත් එක්කම තරග තීරක කාසිය ලඟට ගිහින් Tail කියලා කියනවා. හැබැයි නිවේදක මුරලි විරාත් කෝලි ලඟට Mic එක අරං ගිහින් තීරණය මොකද්ද කියලා අහනවා. ඇත්තටම මුරලි කාර්තික්ට තරග තීරක කියපු දේ ඇහුනේ නැද්ද? නැත්නම් ඔහු උවමනාවෙන්ම ඒක එහෙම කරාද කියන එක ප්‍රශ්නයක්. තරග තීරකවරයා ආයිත් ඒ වරද නිවැරදි කරන්න හැදුවත් නිවේදකයා ඒක ගණන් ගත්තේ නැහැ.

මේ ගැන Times of India වෙබ් අඩවියත් අද වාර්තා කරලා තිබුණා. හැබැයි ඉතින් මේ වැඩේ වැරදීමකින් වුනාද නැත්නම් ඉන්දියාව හිතා මතා කරාද කියලා දන්නේ උඩ ඉන්න දෙවියෝ තමයි.

මේ තියෙන්නේ ඊයේ කාසියේ වාසිය උරගා බලන අවස්ථාව.

https://www.youtube.com/watch?v=UIk5XE31_aw


News Articles
Latest Videos
Most Popular Post