News Line| Off Air
Generic placeholder image

Latest Posts










Sep
8

අද ලග්න 3 කට ආර්ථිකය ශක්තිමත් වෙනවා. ඔබේ ලග්නයට කොහොමද කියලා මෙතනින් බලන්න.

1456 Views


අද ලග්න 3 කට ආර්ථිකය ශක්තිමත් වෙනවා. ඔබේ ලග්නයට කොහොමද කියලා මෙතනින් බලන්න.

අද 2017 සැප්තැම්බර් මාසයේ 08 සිකුරාදා

රාහු කාලය: පෙ.ව 10.36 සිට 12.08

සුභ දිශාව: උතුර

මරු සිටින දිශාව: ගිනිකොණ

 

 

මේෂ ලග්නය

අද ඔබගේ පෞරුෂය ශක්තිමත්භාවය වඩාත් වර්ධනය වෙනවා. වැඩි වශයෙන් කාලය වැය වෙන්නෙ දුදරුවන්ගේ කටයුතු වලට. කොන්ද තුනටිය මුත්‍රාශය ආශ්‍රිත රෝගී තත්ව වගේම ජලාශ්‍රිත පරිසර වලින් හට ගන්නා පිඩාකාරී ස්වභාව වලිනුත් දෛනික කටයුතු වලට බාධා එල්ල වෙනවා. මව්පස ඥාතීන්ගේ පිඩාකාරී තත්වයන් වලට ලක් වීමට සිදු වෙනවා. වැඩිහිටි ඥාතීන් සමග ආරවුල් මතභේද ඇති වීමේ ඉඩකඩකුත් පවතිනවා. ඉහල නිලධාරීන් සමග මතභේදාත්මක තත්ව වලට ලක් වෙන්න පුළුවන් කමක් තියෙන නිසා කල්පනාකාරී වන්න. ඉවසීම පුරුදු කරන්න. ගෙවල් දොරවල් ආශ්‍රිත කටයුතු වලට වාසස්ථාන ආශ්‍රිත කටයුතු වල නම් යම් ආකාරයක දියුණුවක් ඇති වෙනවා. ප්‍රේමනීය කටයුතු විවාහ ආශ්‍රිත කටයුතු සාර්ථක වෙනවා.

ජය වර්ණය: ලා තැඹිලි පැහැය                    ජය අංකය: 09

 

වෘෂභ ලග්නය

ප්‍රේමනීය සම්බන්ධතා විවාහ ආශ්‍රිත කටයුතු පහසුවෙන් සාර්ථක කර ගන්න පුළුවන්. කල්පසු වුණු එවැනි කටයුතු වලට වැඩිහිටි ඥාතීන්ගේ උදව් උපකාර වලට වගේම ආශිර්වාදයත් හිමිවන දිනයක්. නිවසින් සහ සමාජයෙන් බැහැරව කටයුතු කරන්න ඔබ තුල වැඩි කැමැත්තක් ඇති වෙනවා. අලුත් යාන වාහන මිලදී ගන්න ඉලෙක්ට්‍රොනික උපාංග මිලදී ගන්න අද දවසේදී ඉඩකඩ පවතිනවා. පොත්පත් ආශ්‍රිත ගනුදෙනු කිරීම් වලිනුත් ජයග්‍රහණ ලබා ගත හැකියි. දියරමය දේවල් ආශ්‍රිත කටයුතු ඉතාමත්ම පහසුවෙන් සාර්ථක කර ගන්න පුළුවන්.

ජය වර්ණය: සුදු පැහැය                  ජය අංකය: 06

 

මිථුන ලග්නය

පුංචි හෝ සතුරු බාධා කම්කටොලු තිබුනානම් ඒවා දුරු කරගෙන ඒ බාධා යටපත් කරගෙන ජයග්‍රහණ අත්පත් කර ගන්නත් වාසනාව පවතිනවා. ලිපිලේඛණ ආශ්‍රිත කටයුතු වලින් යම් ආකාරයකට සාර්ථකත්වයක් අත්කර ගන්න පුළුවන්. කායික ශක්තිය වගේම මානසික ශක්තිය ඉතාමත්ම උසස් මට්ටමකට ගෙන යන්න පුළුවන්. ලිපිලේඛන ආශ්‍රිත කටයුතු වලින් වගේම දියරමය දේවල් කොමිස් මුදල් හිමිවන කටයුතු වලිනුත් ඔබට ආර්ථික ශක්තිය දියුණු කර ගැනීමේ ඉඩකඩ පවතිනවා. ඒ වගේම ඔබ සංචාරක ක්ෂේත්‍ර වල කටයුතු කරන කෙනෙක් නම් දියුණුව ලැබෙනවා.

ජය වර්ණය: ලා දම් පැහැය                       ජය අංකය: 05

 

කටක ලග්නය

පරිනතභාවය මුල්කර ගෙන බොහෝ ගැටළු සමතයකට පත් කර ගැනීමේ වාසනාව ඔබට හිමි වෙනවා. ඔබගේ තරඟකාරී කටයුතුවල ජයග්‍රහණය ඔබට උරුම වෙනවා. හැබැයි අධ්‍යාපනික කටයුතු වලදී යම් පුංචි හෝ බාධාකාරී තත්වයක් පැන නගිනවා. පරිපාලනමය හැකියාව ඉතාමත් යහපත්. බොහෝ සිතුවිලි ඔබගේ මනසට ගලා ගෙන එන නිසා අදහස් කළමනාකරණය කර ගැනීම නම් එතරම් පහසු නොවේ. ඒ නිසා ඔබට වඩා උගත් උසස් පුද්ගලයන්ගේ  ඇසුර ඔබට නිතරම අවශ්‍ය වෙනවා. පොත්පත් ග්‍රන්තකරණ වැනි කටයුතු වලටත් ඉතාමත්ම යහපත්.

ජය වර්ණය: ලා කොළපැහැය                    ජය අංකය: 04

 

සිංහ ලග්නය

වාසස්ථාන ආශ්‍රිත කටයුතු වගේම යාන වාහන සම්බන්ධ කටයුතු පිලිබදව වෙනදට වඩා සැලකිල්ලක් දක්වන්න සිදු වෙනවා. නීතිමය ගැටලුකාරී ස්වභාවයකට ලක් වෙලා ඉන්න කෙනෙක් නම් තරමක් කල්පනාකාරී වන්න. දෙවියන් ගේ ආශීර්වාදය පතන්න. පාද ආශ්‍රිත රෝගී තත්ව මුත්‍රාශය ආශ්‍රිත රෝගී තත්ව ඇති වීමේ ඉඩකඩ පවතිනවා. ඒ වගේම තමයි ඇස්වල දැවිල්ල ගති වැනි රෝගී තත්ව වුනත් ඇති වීමේ අවධානම් සහගත තත්ව පවතිනවා. වැඩිහිටි ඥාතීන්ගේ උදව් උපකාර හිමි වෙනවා. ආගමික නායකයින්ගේ ආශ්‍රය ලැබීමේ ඉඩකඩ පවතිනවා. කෙතරම් කාර්යබහුල වුනත් ඔබගේ ආර්ථික කළමනාකරණ ස්වභාවය නම් ඉතාමත්ම යහපත් මට්ටමක පවතිනවා.

ජය වර්ණය: ලා කොළපැහැය                    ජය අංකය: 07

 

කන්‍යා ලග්නය

අද දිනයේ ඔබ කරන බොහෝ කටයුතු කල්පනාකාරීව කරනවා. අසල්වාසීන්ගේ උදව් උපකාර නිබදවම ඔබට ලබා ගන්න පුළුවන්. ඒ වගේම තමයි තරමක් හෝ අමනාප තත්වයකින් හිටපු සහෝදරයන්ගේ උදව් උපකාර ලැබෙනවා. කෙටි ගමන් බිමන් රාශියක්ම යෙදෙනවා. ගමෙන් නගරයෙන් බැහැරව වෘත්තියක නිරත වෙලා ඉන්න කෙනෙක් නම් ඔන්න ඔබට නිවාස ආශ්‍රිත කටයුතු වලට පැමිණීමට ඉඩකඩ සහ කාලය හිමි වෙනවා. අලෙවිකරණ වැනි ක්ෂේත්‍රවල කටයුතු කරන අයට ඉතාමත්ම යහපත් දවසක්. ව්‍යාපාර කටයුතු බොහොම පහසුවෙන් සාර්ථක කරගත හැකියි. ඇගලුම් ක්ෂේත්‍ර ආශ්‍රිත කටයුතු දියරමය ක්ෂේත්‍ර ආශ්‍රිත කටයුතු ආහාරපාන ආශ්‍රිත කටයුතු බොහොම පහසුවෙන් සාර්ථක කරගත හැකියි.

ජය වර්ණය: ලා නිල්පැහැය                       ජය අංකය: 07

තුලා ලග්නය

අන් අයගේ උදව් උපකාර ඔබට හිමිවීම යම් ආකාරයක සැහැල්ලුවක් සතුටක් ගෙන දෙනවා. සංචාරක ක්ෂේත්‍ර ආශ්‍රිත කටයුතු ඒ වගේම කෙටි ගමන් බිමන් සැලසුම් කිරීම් ආදී කටයුතු කාර්යාලීය කටයුතු වලදී ලිපිලේඛන ආශ්‍රිත කටයුතු වලිනුත් බොහෝ දියුණුවක් ඔබට ලබා ගැනීමේ හැකියාව පවතිනවා. භාෂා සම්බන්ධ කටයුතු වලින් වගේම නිතිය හා සම්බන්ධ කටයුතු වලින් පවා යහපත්. ඔබට එරෙහිව නීතිමය ගැටළුවක් පවතිනවානම් තරමක් කල්පනාකාරීව කටයුතු කල යුතුයි. අනවශ්‍ය වියදම් පාලනය කර ගත යුතුයි. ඉවසීම කියන කාරණාව පුරුදු විය යුතුයි. ගෘහ ජීවිතය ආශ්‍රිත කටයුතු ඉතාමත්ම සෞම්‍යයයි. රැකිරක්ෂා කටයුතු පවා උසස් මට්ටමේ පවතිනවා.

ජය වර්ණය: ලා දම් පැහැය                        ජය අංකය: 03

 

වෘශ්චික ලග්නය

 

කටයුතු සම්පාදනය කරගනිද්දී රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය සේවා ආශ්‍රිත කටයුතු වලින් වැඩි වාසි සහගත තත්වයක් උදා කරගත හැකියි. යානවාහන සම්බන්ධ කටයුතු වල වගේම වැවිලි ක්ෂේත්‍ර ආශ්‍රිත කටයුතු ඉඩකඩම් ආශ්‍රිත කටයුතු භුමිය හා සම්බන්ධ වන කටයුතු ගොඩනැගිලි ඉදිකිරීම් ආශ්‍රිත කටයුතු බොහොම පහසුවෙන් සාර්ථක කර ගන්න පුළුවන්. වැඩිහිටියන්ගේ උදව් උපකාර හිමි වෙනවා. ප්‍රේමනීය සම්බන්ධතා වලට ඉතා යහපත්. අලුත් ව්‍යාපාර ආරම්භ කරන්න හවුල් ව්‍යාපාර පිලිබදව තීන්දු තීරණ ගන්න සංචාරක ගමන් සංවිධානය කරන්න ඉතාමත්ම යෝග්‍ය දවසක්. පුංචි දරුවන්ගේ කටයුතු නිසා තරමක් කාර්යබහුල වේවි. දවසේ කටයුතු කෙතරම් සාර්ථක වුවත් මනසට යම් පිඩාකාරී ස්වභාවයකුත් නිරන්තරයෙන්ම උදා වෙනවා.

ජය වර්ණය: ලා කහපැහැය                        ජය අංකය: 07

 

ධනු ලග්නය

පාද ආශ්‍රිත රෝග තත්වකින් පිඩාවට පත් වෙලා ඉන්න කෙනෙක් නම් තරමක් කල්පනාකාරී වන්න. ඔබගේ නිරෝගී සුවය පිලිබදව වෙනදට වඩා සැලකිලිමත් වන්න. බෙහෙත් ඖෂධ පානය කිරීමේදී නිවැරදි මාත්‍රාව අනුගමනය කරන්නත් අමතක කරන්නෙපා. ඒවගේම කෙටි ගමන් බිමන් වලින් තමන්ගේ හොදම යාලු මිත්‍රයන් සමග අමනාපකම් ඇති වීමේ අවධානමක් පවතිනවා. හැබැයි ඔබ විදේශ ගමනක් යන්න සැලසුම් කරලා තිබුණානම් එවැනි කටයුතු බොහොම පහසුවෙන් සාර්ථක කරවා ගත හැකියි. ඇගලුම් ක්ෂේත්‍ර ආශ්‍රිත කටයුතු වල යම් හෝ දියුණුවක් අපේක්ෂා කල හැකියි. තාක්ෂණික මෙවලම් ආශ්‍රිත කටයුතු වලින් පවා යම් සහනයක් අපේක්ෂා කරන්න පුළුවන්. දියරමය කටයුතු මව හා සම්බන්ධ කටයුතු භුමිය හා සම්බන්ධ කටයුතු වලිනුත් යම් හෝ ජයග්‍රහණයක් ලැබිය හැකියි.

ජය වර්ණය: දීප්තිමත් කහ පැහැය              ජය අංකය: 07

 

මකර ලග්නය

පරිපාලනමය හැකියාව ඉතාමත්ම උසස් මට්ටමකට පවතිනවා. බොහෝ කාලයක් මුළුල්ලේ අතහැරලා දාල තිබුන බොහෝ කටයුතු යලි ආරම්භ කිරීමේ හැකියාව පවතිනවා. ගෙදරදොර පිළිවෙලක් කරන්න අස්පස් කරන්න වගේම ඔබගේ රැකී රක්ෂා ස්ථාන පිලිබදව යම් ආකාරයක පැහැදිලි තීන්දුවක් ගන්නත් වාසනාව හිමි වෙනවා. උසස් නිලධාරීන්ගේ ආශිර්වාදය නිරන්තරයෙන්ම ඔබට හිමි වෙනවා. උසස් වීමක් බලාපොරොත්තුවෙන් හිටියනම් එවැනි කටයුතු පහසුවෙන් සාර්ථක කර ගන්න පුළුවන්. රාජ්‍ය අර්ධ රාජ්‍ය සේවාවල කටයුතු කරන අය නම් තරමක් හෝ කල්පනාකාරීව කටයුතු කල යුතුයි. විදේශගත සම්බන්ධතා මුලික කරගන්නා වූ ආයතනයක කෙනෙක් නම් ඒවලින් ජයග්‍රහණ හිමි වෙනවා. මානසික සතුට අපේක්ෂා කරන දිනයක්.

ජය වර්ණය: දීප්තිමත් නිල් පැහැය              ජය අංකය: 08

 

කුම්භ ලග්නය

වෘත්තිමය කටයුතු රැකිරක්ෂා කටයුතු මානව සම්පත් කළමනාකරණය වැනි කටයුතු මහජනතාව සමග සම්බන්ධ වෙලා කරන කටයුතු වලින් ජයග්‍රහණ ලැබිය හැකියි. ලිපිලේඛන ආශ්‍රිත කටයුතු සන්නිවේදන කටයුතු සංවිධාන ආශ්‍රිත කටයුතු වලිනුත් බොහෝ ජයග්‍රහණ ලැබිය හැකියි. වචන භාවිතා කිරීමේ ඇති ප්‍රමුඛතාව මුල් කරගෙන අන් අයව වශී කරගන්න පුළුවන්. වියදම් පාර්ශවය පාලනය කරගන්න.

ජය වර්ණය: ලා නිල් පැහැය                       ජය අංකය: 07

 

මීන ලග්නය

අතහැරලා දාල තිබුන ඉඩකඩම් දේපල පිළිබව යලි වතාවක් සිතා බලන්න හැකි දිනයක්. දේපල අවට පරිසරය පිරිසිදු කර ගැනීම සදහා ඔබට කාලය මිඩංගු කරන්න සිද්ද වේවි. වැඩිහිටි ඥාතීන්ගේ උදව් උපකාර හිමි වෙනවා. නිවසින් පරිබාහිර කටයුත්තක් සදහා පැය කීපයකට අධික කාලයක් මිඩංගු කිරීමට සිදු වෙනවා. රසවත් ආහාර පාන නිරන්තරයෙන්ම භුක්ති විදීමේ වාසනා ශක්තිය පවතිනවා. තරගකාරී කටයුතු වලදී බොහෝ ජයග්‍රහණ ඔබ සතු කර ගැනීමේ හැකියාව පවතිනවා. යම් ආවේගකර වගේම උද්වේගකර තත්වයක් ඔබ තුල නිරන්තරයෙන්ම නිර්මාණය වෙනවා. පුංචි බෝ බාධාවක් තිබුණානම් ඒවා මග හරවා ගෙන ජිවිතයට වාසනාව ලගා කරගත හැකියි. පොත්පත් ආශ්‍රිත කටයුතු පරිපාලනමය කටයුතු දැනුම සම්බන්ධ කටයුතු වලින් පහසුවෙන් සාර්ථක කරගත හැකියි. මානව සම්පත් කළමනාකරණය භුමිය සම්බන්ධ කටයුතු වලිනුත් දියුණුවක් අපේක්ෂා කල හැකියි.

ජය වර්ණය: දීප්තිමත් කහ පැහැය                ජය අංකය: 06

 

 

ප්‍රවීණ ජෝතිශ්‍යවේදී : කැළුම් ගුණතිලක

දුරකථන අංකය: 076 67 65 353

 


News Articles
Latest Videos
Most Popular Post