ඉන්දියාව එක්ක තිබුන ටෙස්ට්, එක්දින තරගාවලි සහ T20 තරඟයෙන් ලංකාව අන්ත පරාජයකට ලක් වුණා. වල් ඌරො කැකුණ තලද්දී හබන් කුකුළන්ට රජ මගුල් කියන්න වගේ ලංකාව පැරදෙන්න පැරදෙන්න ඉන්දියාව තමන්ගේ වාර්තා මල්ල පුරව ගත්තා. ඒකෙනුත් වැඩිම වාර්තා ගණනක් තිබ්බෙ විරාත් කෝලි. ටෙස්ට්, එක්දින විතරක් නෙවෙයි T20 තරගයේදීත් වාර්තා තියන්න කෝලිට පුළුවන් වුණා. මේ තියෙන්නෙ කෝලි ලංකාවේ ඉදන් ගෙදර යද්දී අරන් ගිය වාර්තා මල්ල.
* ලංකාවේ ටෙස්ට් තරගාවලි දෙකක් දිනපු පළවෙනි ඉන්දීය නායකයා වෙන්න කොලිට පුළුවන් වුණා.
* වැඩිම වාර ගණනක් තරඟයේ වීරයා සම්මානය දිනා ගත්ත ක්‍රීඩකයන් ලයිස්තුවේ 4 වෙනි තැනට එන්නත් විරාත් කෝලි සමත් වුණා. ඒ අවස්ථා 24 දීම තරගයේ වීරයා වෙලා.
* වසරකදී ලකුණු 1000 සීමාව පහුකළ ක්‍රීඩකයන් අතර තුන්වෙනියා වෙන්නත් කෝලි සමත් වුණා. වසර 5 කදිම කෝලි ලකුණු 1000 සිමාව පසු කරලා තියෙනවා.
* විරාත් කෝලි පිට පිටම ශතක රැස්කළ ක්‍රීඩකයන් අතර දෙවනි තැනට එන්න පුළුවන් වුණේ 5 වතාවක්ම ඒ දස්කම කරලා.
* පහුගිය තරඟාවලියේදී ලබා ගත කෝලිගේ 30 වෙනි ශතකයත් එක්ක එක්දින තරංග වල දෙවෙනි වැඩිම ශතක රැස් කළ ක්‍රීඩකයා වෙන්න කෝලිට පුළුවන් වුණා. ඔහුට පළවෙනියා වෙන්න තව ශතක 20 ක් ඕන.
* රටකට එරෙහිව දෙවෙනි වැඩිම ශතක සංඛ්‍යාවත් රැස් කළ ක්‍රීඩකයා වෙන්නත් විරාත් කෝලි සමත් වුණා. ඒ ලංකාවට එරෙහිව ශතක 9 ක් රැස් කරලා. ලංකාවට විරුද්ධව තව එක ශතකයක් රැස් කලොත් ඔහුට ඒ ලයිස්තුවෙත් පළවෙනි තැනට එන්න පුළුවන්.
* බ්‍රෙන්ඩන් මැකලම්ට පස්සෙ T20 තරඟ වල ලකුණු 1000 සීමාව පහු කළ පිතිකරුවා වුනෙත් කෝලි.
* විරාත් කෝලි ලබා ගත්ත ලකුණු 82 ඉන්දියාවේ නායකයෙක් T20 තරඟයකදී ලබා ගත්ත වැඩිම ලකුණු සංඛ්‍යාව විදියට වාර්තා අතරට ගියා.