News Line| Off Air| Games
Generic placeholder image

May
16

ඉල්ලීම් ඉටුවේ. අද රෑ බස් වර්ජනය අවලංගු වේ. අවම ගාස්තුව 12ක් වෙද්දී අනිත් ගාස්තු වැඩි වෙන හැටි මෙන්න.

1670 Views


ඉල්ලීම් ඉටුවේ. අද රෑ බස් වර්ජනය අවලංගු වේ. අවම ගාස්තුව 12ක් වෙද්දී අනිත් ගාස්තු වැඩි වෙන හැටි මෙන්න.

අද මධ්‍යම රාත‍්‍රියේ සිට පැවැත්වීමට නියමිත තීබූ බස් වර්ජනය අත්හිටුවීමට බස් සංගම් තීරණය කර තිබෙනවා.

ඒ බස් ගාස්තු 12.5% ඉහල දැමීමටත් අවම බස් ගාස්තුව රුපියල් 12ක් දක්වා ඉහල දැමීමටත් රජය විසින් තීරණය කිරීමත් සමගයි.

බස් සංගම් ප‍්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ මහතා සහ මුදල් නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා සමග සිදු කල සාකච්ඡාවේදී එම තීරණය ගෙන තිබෙනවා.

ප‍්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ මහතා මේ බව ප‍්‍රකාශ කලේ ප‍්‍රවාහන අමාත්‍යංශයේ දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවට එක්වෙමින්.


News Articles
Latest Videos
Most Popular Post