දිවයිනට බලපා ඇති වැසි තත්වයේ වැඩි වීමක් බලාපොරොත්තු වන බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
දිවයින වටා ආසන්න පහල වායුගෝලයේ කැළඹිලි ස්වභාවය හේතුවෙන් මෙලෙස වැසි වැඩි වන බවයි එම දෙපාර්තමේන්තුව සදහන් කලේ.
ඒ අනුව ප‍්‍රදේශ රැුසකට අදත් මිලි මීටර 100 ඉක්මවූ තද වැසි අපේක්ෂා කෙරෙනවා. මධ්‍යම සබරගමුව දකුණ ඌව බස්නාහිර හා වයඹ පළාත්් වල මෙලෙස තද වැසි ඇති විය හැකියි. තද වැසි සමග එම ප‍්‍රදේශ වලට තාවකාලික තද සුළං බලාපොරොත්තු වනවා.
අකුණු මගින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙන්නේ
මේ අතර අධික වැසි සහිත කාලගූණ තත්වය හේතුවෙන් උඩවලව ජලාශයේ වාන් දොරටු 5 ක් විවෘත කර තිබෙනවා. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ප‍්‍රදීප් කොඩිප්පිලි මහතා සදහන් කලේ ඒ හේතුවෙන් පහල ජල ධාරා ප‍්‍රදේශ වල වෙසෙන ජනතාව සැලකිලිමත් විය යුතු බවයි. කලා ඔයේද වාන් දොරටු 2ක් විවෘත කර තිබෙනවා.
SIYATHA FM TOP STORY | 10:00 AM | Editor : Nayomi Karunasinghe