News Line| Off Air| Games
Generic placeholder image

May
20

කාලගුණය ලංකාවට නපුරු වෙයි. ඉදිරි පැය 24 කාලගුණය මෙන්න.

2118 Views


කාලගුණය ලංකාවට නපුරු වෙයි. ඉදිරි පැය 24 කාලගුණය මෙන්න.

පවතින ගිගුරුම් සහිත වැසි තත්වය ඉදිරි පැය කිහිපය තුල තවදුරටත් වර්ධනය වෙයි කියලා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර, සබරගමුව, ඌව සහ මධ්‍යම පළාත්වල මෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රිත්වල මිලිමීටර් 100 ට වඩා තද වැසි ඇති වෙන්න පුළුවන්.

සබරගමුව පළාතේ ඇතැම් ස්ථානවලට මිලිමීටර් 150 ට වැඩි ඉතා තද වැසි ඇති වෙන්න පුළුවන්. ගිගුරුම් සහිත වැසි ඇතිවන විට ඒ ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ද ඇති වෙන්න ඉඩකඩ තියෙනවා.

අකුණු වලින් සිදුවන අනතුරු අවම කර ගැනීමට පියවර ගන්නා ලෙසට ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා. නිරතදිග මෝසම් තත්වය දිවයින හරහා ස්ථාපිත වෙමින් පවතින බැවින් අද දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි තත්වයේ වැඩිවීමක් අපේක්ෂා කෙරෙනවා.

දිවයින වටා මුහුදු ප්‍රදේශවල සුළගේ වේගයේ වැඩිවීමක් සහ දිවයිනට නිරිත දෙසින් වන මුහුදු ප්‍රදේශවල වැසි සහිත කාලගුණික තත්වයේ වැඩිවීමක් අද දිනයේ බලාපොරොත්තුවන වෙනවා. පුත්තලම ඉදන් මන්නාරම හරහා කන්කසන්තුරේ දක්වා සහ මාතර ඉදන් හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැයට කිලෝමීටර් 60 ක් පමණ දක්වා වැඩි වෙන්න පුළුවන්.

ගිගුරුම් සහිත වැසි ඇතිවන විට එම ප්‍රදේශවල තාවකාලිකව පැයට කිලෝමීටර් 70 – 80 පමණ දක්වා ඉතා තද සුළං වෙනවා. මේ පිළිබඳ ඉතා අවධානයෙන් කටයුතු කරන්න කියලා ධීවර සහ නාවික ප්‍රජාවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.


News Articles
Latest Videos
Most Popular Post