News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
21

අයහපත් කාලගුණය හේතුවෙන් ප්‍රදේශ රැසක විදුලි සැපයුමට බාධා.

947 Views


අයහපත් කාලගුණය හේතුවෙන් ප්‍රදේශ රැසක විදුලි සැපයුමට බාධා.

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ දිවයිනේ ප‍්‍රදේශ රැසක විදුලි සැපයුම අඩාල වී තිබෙනවා.

විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශයේ අධ්‍යක්ෂ, සුලක්ෂණ ජයවර්ධන මහතා පැවසුවේ, අගලවත්ත, මතුගම, හොරණ වැනි ප‍්‍රදේශ ඇතුළු ප‍්‍රදේශවලින් විදුලිය බිඳ වැටීම් වාර්තාවී ඇති බවයි.

වර්ෂාවත් සමග රැහැන් මාර්ග කඩා වැටී ඇති බැවින් ඒවා ස්පර්ශ කිරිමට යාමෙන් වළකින ලෙස ඔහු ජනතාවට දැනුම් දෙනවා. මාධ්‍ය ප‍්‍රකාශකවරයා පැවසුවේ, එවැනි අවස්ථාවලදී 19 යි 87 දුරකතන අංකයට කඩිනමින් දැනුම් දිය යුතු බවයි.

අකුරට වැඩ කිරීමේ වෘත්තිය සමිති ක‍්‍රියාමාර්ගයක් ක‍්‍රියාත්මක වුව ද ආපදා අවස්ථාවකදී නඩත්තු කටයුතු සඳහා එක්වීමට විදුලි ඉංජිනේරුවන්ගේ සංගමය ද තීරණය කර තිබෙනවා.

බස්නාහිර වයඹ සබරගමුව, ඌව සහ මධ්‍යම පළාත්වලටත් ගාල්ල සහ මාතර දිස්ත‍්‍රික්කවලට අද මිලි මීටර 100 ඉක්මවූ වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

වර්ෂාවත් සමග ජල ගැලීම් නායයෑම් අකුණු අනතුරු වැනි ආපදාවන් සම්බන්ධයෙන් ජනතාව අවධානයෙන් පසුවිය යුතුයි.

SIYATHA FM TOP STORY | 10:00 AM | Editor : Sithara Athukorala


News Articles
Latest Videos
Most Popular Post