News Line| Off Air
Generic placeholder image

Latest Posts










Sep
11

ඔබේ මරණය ප්‍රමාද කරන රහස් ක්‍රම 3 මෙන්න – නිවසේ සිටම ක්‍රියාත්මක කළ හැක.

5314 Views


ඔබේ මරණය ප්‍රමාද කරන රහස් ක්‍රම 3 මෙන්න – නිවසේ සිටම ක්‍රියාත්මක කළ හැක.

ඉක්මනට මැරෙන්න කැමති කවුද? කවුරුත් නෑ. නොමල ගෙයකින් අබ ඇටයක් හොයනවා වගේ අමාරු වැඩක් තමයි මැරෙන්න කැමති කෙනෙක් හොයන එක. හැමෝම කැමති දවසක් හරි වැඩිපුර ජිවත් වෙන්න. අන්න එහෙම උනන්දුවක් තියෙන ඔබට මේ කතාවක් කෝටියක් වටීවි. අපි ඔබට දැන් කියනවා ක්‍රම 3ක්. පුලුවන්නම් හරියටම තිතට කරලා බලන්න, අනිවාර්යෙන් ඔබට දවසක් හරි වැඩියෙන් ජීවත් වෙන්න පුළුවන්.

මේ ක්‍රම හොයාගෙන තියෙන්නෙ විශේෂ පරීක්ෂණයකින්. ඒකෙන් හොයාගෙන තියෙන විදිහට අපේ ආයුෂ අඩු කරන ප්‍රධාන කාරණා තුනක් තියෙනවා. ඒ දුම් පානය කිරීම, අයහපත් ආහාර පැවතුම් හා ශාරීරික ව්‍යායාම්වල අක්‍රමවත් බව. ඒ නිසා
1. දවසකට පැය භාගයක් විතර හොඳට ව්‍යායාම් කරලා,
2. හොඳ ආහාර පැවතුම් වලට හුරුවෙලා,
3. දුම් පානයෙන් වැළකිලා ඉන්න අයට
වැඩි කාලයක් ජීවත් වෙන්න පුලුවන් කියලා මේ පරීක්ෂණයෙන් හෙළිවෙලා තියෙනවා.

ඒ කොච්චරක්ද කියලා කියනවනම් මේ දේවල් හරියට පිළිපැද්දොත් මැරෙන්න තියෙන අවධානම 40% කින් විතර අඩු කරගන්න පුළුවන්. ඒ වගේම ඇඟේ තියෙන විටමින් C මට්ටම, මිනිසාගේ මියයාමේ දර්ශකයක් විදිහට සලකනන පුළුවන් කියලා තවත් පර්යේෂණයකින් හොයාගෙන තියෙනවා. ශාක ආහාර වැඩියෙන් ගත්තම අපේ ඇඟේ තියෙන විටමින් C මට්ටම වැඩි වෙනවා. එතකොට ආයුෂ වැඩි වෙනවා. හැබැයි දොස්තරලා නිකුත් කරන විටමින් C පෙති වලින් නම් මේ ප්‍රතිඵලය එන්නෙ නෑ. ඒ නිසා අනිවාර්යෙන්ම ශාකමය ආහාර ගන්නම වෙනවා.

මොකද මේ ශාකමය ආහාර නිසා ඇඟ ඇතුලෙ හානිකර ක්‍රියා සිදු වීම සහ රසායනික සංයෝග හැදෙන එක වැලකෙනවා. ඒ වගේම හම රැළි වැටීම, මතක ශක්තිය අඩු වීම පරක්කු කරන අතරේම අක්මාව, හදවත, වකුගඩු යන ඉන්ද්‍රීයන්ගේ බිඳ වැටීම සැහෙන්න ප්‍රමාද කරනවා.

ඒ නිසා දැන් ඉඳලම එළවලු, පලතුරු, පලා වර්ග, පැලෑටි (පලා වර්ග නොවන පැලෑටී) වැඩිපුර ආහාරයට ගන්න. කුළුබඩු වලත් ප්‍රතිඔක්සිකාරක ගුණය තියෙනවා නිසා හැමදාම උයන කොට කුළුබඩු ටිකක් වැඩිපුර එකතු කර ගන්න.

දැන් ඉතින් මේවා කාලා සද්ද නැතුව තමන් විතරක් වැඩිපුර ජීවත් වෙන්න හිතන්නේ නැතුව පවුලේ අනිත් යටත් මේ ගැන කියන්න. යාලුවන්ට Share කරන්න.


News Articles
Latest Videos
Most Popular Post