News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
22

දකුණේ වෛරසය තවදුරටත් පැතිරෙයි

583 Views


දකුණේ වෛරසය තවදුරටත් පැතිරෙයි

දකුණු පළාතේ පැතිර යමින් තිබූ වෛරස් උණ රෝගය යළි ව්‍යාප්ත වීමේ අවධානමක් මතුව තිබෙනවා. ඒ මේ දිනවල පවතින වර්ෂාව හේතුවෙන්.

පැතිර යන ඉන්ෆ්ලූවෙන්සා රෝගී තත්ත්වය හේතුවෙන් එම පළාතේ සියලුම පෙර පාසල් අද සිට වසා තබා තිබෙනවා. රෝගය පැතිර යන ප‍්‍රදේශ ආශි‍්‍රත පාසල් වල ප‍්‍රාථමික අංශ අද සහ හෙට වසා තැබීමටයි උපදෙස් ලබා දී ඇත්තේ.

වෛරස් උණ රෝගය පිළිබදව සොයා බැලීමට තවත් විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක් දකුණු පළාතට යොමු කලා. සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කලේ වසංගත රෝග විද්‍යාඅංශයේ විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක් මෙලෙස යොමු කර ඇති බවයි. රෝග තත්වය පිළිබද සවිස්තරාත්මක වාර්තාවක් එම කණ්ඩායම විසින් ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

SIYATHA FM TOP STORY | 10:00 AM | Editor : Nayomi Karunasinghe 


News Articles
Latest Videos
Most Popular Post