අයහපත් කාලගුණයෙන් ආපදාවලට ලක්ව ඇති දිස්ත‍්‍රික්ක 14 ක විදුලි ඉංජිනේරුවන්ට වහාම ක‍්‍රියාත්මක වන පරිදි වෘත්තිය ක්රියාමාර්ග වලින් ඉවත් වන ලෙසට දැනුම් දී තිබෙනවා. ඒ විදුලි ඉංජිනේරු සංගමය විසින්
විදුලි ඉංජිනේරු සංගමයේ සභාපති සෞම්‍ය කුමාරවඩු මහතා සඳහන් කලේ ආපදාවට ලක්වූ ප‍්‍රදේශ වල විදුලි බිදවැටීම් යථා තත්වයට පත් කිරීම සදහා එම දැනුම් දීම සිදු කල බවයි.
අයහපත් කාලගුණය හේතුවෙන් දිවයිනේ ප‍්‍රදේශ රැසක විදුලි බිද වැටීම් සිදුව තිබෙනවා. එම බිදවැටීම් යතා තත්වයට පත් කිරීමේ කටයුතුද මේ වන විට ක‍්‍රියාත්මකයි.
රත්නපුර ඇතුලූ තවත් ප්‍රදේශ රැසක විදුලි සැපයුම අත්හිටුවා ඇති බවයි විදුලිබල අමාත්‍යංශය සඳහන් කලේ.
SIYATHA FM TOP STORY | 02:00 PM | Editor : Amila Udaraka