News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
22

අයහපත් කාලගුණයෙන් පීඩාවට පත් පාසල් දරුවන් පිළිබඳ සොයා බැලීමට ක්ෂණික ඇමතුම් අංකයක්

536 Views


අයහපත් කාලගුණයෙන් පීඩාවට පත් පාසල් දරුවන් පිළිබඳ සොයා බැලීමට ක්ෂණික ඇමතුම් අංකයක්

අයහපත් කාලගුණයෙන් පීඩාවට පත් පාසල් දරුවන් පිළිබඳ සොයා බැලීමට ක්ෂණික ඇමතුම් අංකයක් හඳුන්වා දීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව 1988 අංකයට ඒ පිළිබද තොරතුරු දැනුම් දෙන ලෙසයි එම අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ.

මේ අතර අධ්‍යාපන අමාත්‍යාංශයේ වතු පාසල් සංවර්ධන අංශය මඟින් නුවරඑළිය දිස්ත‍්‍රික්කයේ විදුහල්පතිවරුන් සදහා ලබන 24 සහ 25 යන දිනවල පැවැත්වීමට නියමිතව තිබූ වැඩමුලුව කල් දමා තිබෙනවා. ඒ පවතින අයහපත් කාලගුණය හේතුවෙන්. වැඩමුලුව පැවැත්වෙන දිනය ඉදිරියේදී දැනුම් දෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.

නුවරඑළිය,හඟු‍රන්කෙත සහ වලපනේ අධ්‍යාපන කලාපවල තෝරාගත් වතු පාසල්වල විදුහල්පතිවරුන් සඳහා මෙම වැඩමුලුව පැවැත්වීමට නියමිතව තිබුණේ හැටන් අධ්‍යාපන සංවර්ධන මධ්‍යස්ථානයේ දීයි.

SIYATHA FM TOP STORY | 03:00 PM | Editor : Amila Udaraka 


News Articles
Latest Videos
Most Popular Post