කහවත්ත යාඉන්න මංසන්දිය ආසන්නයේදී අද පස්වරුවේ බස් රථ 2ක් මහුණට මුහුණ ගැටී සිදුවූ අනතුරකින් පුද්ගලයන් 37 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
පොලීසිය සදහන් කලේ ඇඹිලිපිටියේ සිට කෑගල්ල දක්වා ධාවනය වූ පුද්ගලික බස් රථයක් සහ කහවත්ත සිට මාකදුර දක්වා ධාවනය වූ පුද්ගලික බස් රථයක් එලෙස මුහුණට මුහුණ ගැටී ඇති බවයි.
අනතුරින් තුවාල ලැබූ පුද්ගලයන් මේ වන විට ප‍්‍රතිකාර සදහා කහවත්ත රෝහලට ඇතුලත් කර තිබෙනවා.
පොලීසිය පැවසුවේ බස් රථ 2හිම රියදුරන් දෙදෙනාගේ නොසැලකිලිමත් භාවය හේතුවෙන් එම අනතුර සිදුව ඇති බවයි.
මේ අතර අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් අනතුරු වලක්වා ගැනීම සදහා වාහන ධාවනයේදී උපරිම වේගය අවම මට්ටමක පවත්වා ගන්නැයි පොලීසිය රියදුරන්ට දැනුම් දෙනවා.
පොලීසිය දැනුම් දෙන්නේ අධිවේගී මාර්ගයේ වාහන ධාවනයේදී පැයට කිලෝමීටර 60 ක උපරිම වේගයක් පවත්වා ගන්නා ලෙසයි.
SIYATHA FM TOP STORY | 04:00 PM | Editor : Amila Udaraka