News Line| Off Air
Generic placeholder image

Latest Posts










Sep
11

බුදුන් වහන්සේට, යේසුස් වහන්සේට සහ ගණ දෙවියන්ට සමානව සැරසුණු පිරිසක් මස් අනුභව කරන Videoවක් අන්තර්ජාලයේ – මුළු ලෝකයම කැළඹෙයි.

2813 Views


බුදුන් වහන්සේට, යේසුස් වහන්සේට සහ ගණ දෙවියන්ට සමානව සැරසුණු පිරිසක් මස් අනුභව කරන Videoවක් අන්තර්ජාලයේ – මුළු ලෝකයම කැළඹෙයි.

අපි මොන ආගමක වුනත් වෙනත් ආගමක නායකයින්ට, ඒ ධර්මයට අපහාස කරන්න අපිට අයිතියක් නැහැ. එත් පහුගිය කාලේ බෞද්ධ ආගමට යුරෝපයෙන් වුන කෙනහිලිකම් ඔබට මතක ඇති. සෙරෙප්පු, T -Shirt, Tattoo වලට බුදු රුව යොදා ගත්ත අවස්ථා ගොඩාක් යුරෝපයෙන් සහ අමෙරිකාවෙන් වාර්තා වුනා.

අපිට ලැබුණු අලුත්ම ආරංචියේ විදිහට දැන් ඕස්ට්‍රේලියාවත් අනිත් ආගම් වලට අපහාස කරන්න පටන් අරන්. ඊයේ පෙරේදා දවසක ඕස්ට්‍රේලියාව නිර්මාණය කරපු වෙළඳ දැන්වීමක බුදුන් වහන්සේ, යේසුස් වහන්සේ, ගණ දෙවියෝ සහ සයන්ටෝලොජි නිකායේ නිර්මාතෘවරයා ඇතුළු ආගමික නායකයන් එකම මේසයක වාඩි වෙලා භෝජනයක් භුක්ති විඳින දර්ශනයක් තියෙනවා. ඕස්ට්‍රේලියාවේ මස් කර්මාන්තය ප්‍රවර්ධනය කරන සංවිධානයක් විසින් තමයි මේ දැන්වීම නිර්මාණය කරලා තියෙන්නේ. මොහොමඩ් නබි තුමන්ට භෝජන සංග්‍රහයට “සහභාගි විය නොහැකි වූ” බව ද දැන්වීම අතරතුර සඳහන් වෙනවා.

ගනේෂ් දෙවියන් මස් කන බවක් මීට කලින් කිසිම තැනක සඳහන් වෙලා නැති නිසා ඒ වෙළෙඳ දැන්වීම ඕස්ට්‍රේලියාවේ හින්දු බැතිමතුන්ගේ දැඩි විරෝධයට ලක් වෙලා තියෙනවා. ඒ නිසා දැන්වීමට එරෙහිව තමන්ගේ විරෝධය ඕස්ට්‍රේලියානු ආණ්ඩුවේ ආයතන තුනකට දැනුම් දුන්නා කියලා කැන්බරා අගනුවර පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය කියනවා. ඒ වෙළෙඳ දැන්වීම “අපහාසාත්මක සහ තමන්ගේ ආගමික විශ්වාසයන්ට රිදවන්නක්” කියලා ගොඩක් දෙනා විශ්වාස කරන නිසා ඉවත් කරන්න කියලා ඕස්ට්‍රේලියාවේ අදාළ දෙපාර්තමේන්තුවෙන් (Meat & Livestock Australia – MLA) ඉල්ලීමක් කරලාත් තියෙනවා.

කොහොම වුනත් ඕස්ට්‍රේලියාවේ විවිධත්වය සහ එකමුතු බව ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් එය නිර්මාණය කරා කියල තමයි MLA ආයතනය පසුගිය සතියේ කිව්වේ. හැබැයි ඉතින් ආගමික නායකයින්ට අපහාස කරලා එකමුතුකම වැඩි කරන්න යන ඔස්ට්‍රේලියාවෙ මේ කැත වැඩේට නම් සාප කරනවා ඇරෙන්න කිසිම කෙනෙක් අනුමත කරන එකක් නම් නැහැ.

එම ආන්දෝලනාත්මක වෙළඳ දැන්වීම පහතින් නරඹන්න.

https://www.youtube.com/watch?v=f8kuoFGgj8s


News Articles
Latest Videos
Most Popular Post