අද 2017 සැප්තැම්බර් මාසයේ 12 අඟහරුවාදා
රාහු කාලය: ප.ව 03.01 සිට 04.31
සුභ දිශාව: දකුණ
මරු සිටින දිශාව: බස්නාහිර
මේෂ ලග්නය

සුව පහසු පසුබිමක සිටිමින් අන් අය ගැන නොසිතමින් තමා ගැනම පමණක් සිතමින් නායකත්වයක් ඇතිව කටයුතු කරන්න යාම නිසා අද දින ඔබට බොහෝ බාධා කරදර වලට මුහුණ පෑමට සිදුවිය හැකියි. වෘත්තීය තුල ඔබ අපේක්ෂා කරන දියුණුව නොලැබීමට ඉඩකඩ තියෙනවා.ඔබ හා වෘත්තීය ප්‍රධානින් අතර අමනාපකම් ඇති කර ගැනීමට ඉඩකඩ ඇති කරනවා.ගෘහ හා විවාහ ජීවිතය තුල ඔබ එකිනෙකා අතර කවුද බොස් කියලා විරසකයන් ඇති විය හැකියි. අද ඔබේ නායකත්වයට ප්‍රධානත්වයට බොහෝ අවහිරකම් සිදු වීම නිසාම අවාසනාවන්තකම ඔබට දැනිය හැකියි. ඔබගේ සාර්ථකත්වය සදහා ධනාත්මකව හා මිත්‍රශීලීව කටයුතු කරන්න.
ජය වර්ණය: සුදු පැහැය ජය අංකය: 09
වෘෂභ ලග්නය

ඔබ බලාපොරොත්තු වන මට්ටමට අද ඔබට දවස වාසනාවන්ත නොවිය හැකියි. උසස් අය ඇසුරු කිරීමට සුදුසු නොවන දිනයක්. උසස් ඉගෙනීමට විදෙස් හා දුර ගමන් වලට සුභ දිනයක් නොවේ. දිනයේ සාර්ථකත්වය වෙනුවෙන් ඔබ සතු නායකත්වය වගකීම් දැරීමේ හැකියාවෙන් උපරිම ප්‍රයෝජන ගන්න. එවිට වෘත්තීය කටයුතු සාර්ථක කරගන්න පුළුවන් වේවි.
ජය වර්ණය: නිල් පැහැය ජය අංකය: 10
මිථුන ලග්නය

අද ඔබ කුමන පසුබිමක සිටියත් ඔබට අවශ්‍ය කරන දේවල් ඉටු කර ගැනීමට ඔබ වාසනාවන්ත වෙනවා. උසස් ඉගෙනීමෙන් විදෙස් හා දුර ගමන් කටයුතු වලින් හා වෘත්තීය කටයුතු වලින් ඉහල සාර්ථකත්වයක් ලැබීමට අද ඔබට හැකියාවක් පවතිනවා. දේශපාලන කටයුතු වලට යහපත් දිනයක්.
ජය වර්ණය: නිල් පැහැය ජය අංකය: 09
කටක ලග්නය

අද ඔබට කිසිම අඩුපාඩුවක් නැතිව කාලය ගෙවීමට හැකි දිනයක්. ඔබගේ ධනාත්මක දැක්ම වසනවන්තකම නිසාම ඔබට ආදායම් ලැබීමටත් මිතුරු ආශ්‍රයෙන් වඩා ලැබීමටත් ඔබ අද වාසනාවන්තයෙක් බවට පත් වෙනවා. ඔබගේ ධනාත්මක දැක්ම වාසනාවන්තකම නිසාම ඔබට ආදායම් ලැබීමටත් මිතුරු ආශ්‍රයක් ලැබීමටත් ඉඩකඩ තියෙනවා. උසස් අය ආශ්‍රය කිරීමට ලැබෙනවා. රජය සමග කරන කටයුතු වලින් ධනය උපයා ගැනීමට හැකි වෙනවා. වැඩිහිටියන්ගේ දෙමව්පියන්ගේ ආධාර උපකාර ලබන්න පුළුවන්. උසස් ඉගෙනීමට විදෙස් හා දුර ගමන් වලට අද ඔබට යහපත් දිනයක්. එහි සාර්ථකත්වය ඔබට ලබන්න පුළුවන්. වෘත්තීය කටයුතු වලදී ඔබ මනා ලෙස කැපී පෙනෙමින් එහි සාර්ථකත්වය ලැබීමට හැකි වෙනවා.
ජය වර්ණය: කහ පැහැය ජය අංකය: 09
සිංහ ලග්නය

ඔබට අද විශාල බලාපොරොත්තු තිබුනත් එහි ප්‍රතිඵලය කුඩා වෙලයි ලැබෙන්නේ. ඔබ ඔබගේ වෘත්තීය කටයුතු අනවබෝධයෙන් දෛනික කටයුතු අතපසු කරමින් තවත් අය කියන්නන් වාලෙට වැඩ කටයුතු කරන්න යාමෙන් ඔබට ලැබිය යුතු සඵල භාවය ඔබ විසින්ම අඩු කර ගන්නවා. දිනයේ සාර්ථකත්වය සදහා අවබෝධයෙන් යුතුව කලට වෙලාවට ධනාත්මක දැක්මක් යුතුව ශුරත්වයකින් යුතුව කටයුතු කරන්න.
ජය වර්ණය: රතු පැහැය ජය අංකය: 09
කන්‍යා ලග්නය

අන් අය සමග සහයෝගයෙන් කටයුතු කර ධනය කිර්තිය ලැබිය හැකි දිනයක්. හවුලේ කරන කටයුතු කොටස් වෙළදපොල කටයුතු මහජන සේවා කටයුතු මංගල කටයුතු හා උසස් ඉගෙනීමෙන් හා විදෙස් හා දුර ගමන් වලින් ඉහල සාර්ථකත්වයක් ලබා ගැනීමට හැකි වෙනවා.
ජය වර්ණය: කහ පැහැය ජය අංකය: 07
තුලා ලග්නය

ඔබ අන් අයගේ සහයෝගය ලැබීමට ප්‍රමාද වෙනවා. පිපාසය තදින් දැනෙනවා.හමේ රෝග වලින් දෝෂ වලින් පිඩා විදීමට හැකියි. ශරීර ශක්තිය දුර්වල කිරීමට ඉඩකඩ තියෙනවා. දිනයේ සාර්ථකත්වය වෙනුවෙන් ඔබට පැමිණෙන බාධා වලට ඔබ ඔරොත්තු දෙන විදියේ එඩිතරකම කලට වෙලාවට ශුරත්වයකින් යුතුව කටයුතු කරන්න.
ජය වර්ණය: රතු පැහැය ජය අංකය: 07
වෘශ්චික ලග්නය

අද ඔබට තදබල බාධාවන් ගැටළු ඇති කිරීම නිසා ඔබගේ හවුල් කටයුතු කොටස් වෙළදපොල කටයුතු මහජන සේවා හා මංගල කටයුතු අසාර්ථක වීමට බොහෝ ඉඩකඩ තියෙන දිනයක්. රෝග පිඩා ආදියෙන් දුක් විදීමට ඉඩකඩ තියෙනවා. දිනයේ සාර්ථකත්වය සදහා බුද්ධිමත් ලෙස බාධාවන් ගැටළු අවම කරගන්න ඔබ උත්සුක විය යුතුයි.
ජය වර්ණය: රතු පැහැය ජය අංකය: 05
ධනු ලග්නය

ඔබගේ දක්ෂකම නිසාම ඔබ ඔබගේ ශක්තිය දැන ගෙනම ක්‍රියා කිරීම නිසාම ඔබට මෙතෙක් තිබු ගැටළු වලින් කරදරයකින් ගැලවීමට හැකි දිනයක්. බලාපොරොත්තු වූ ණය මුදලක් ලැබීමට හැකි දිනයක්. වැඩිහිටියන්ගේ උපකාර ලැබීමට හැකි දිනයක්. කෘෂිකාර්මික සත්ව පාලන කටයුතු සාර්ථක කරන්න පුළුවන්. සේවක පරිපාලනයේදී ඔවුන්ගේ සහයෝගය ලැබෙන්න තියෙන දිනයක්. බොහෝම නිරෝගී දිනයක් විය හැකියි. ඉගෙනීම ක්‍රිඩා කලා කටයුතු සාර්ථක කරනවා. හවුල් කොටස් වෙළදපොළ මහජන සේවා කටයුතු තුලින් ධනය කිර්තිය ලැබීමට හැකි වෙනවා.
ජය වර්ණය: සුදු පැහැය ජය අංකය: 06
මකර ලග්නය

ඔබගේ කනස්සල්ල එපාවීම කරන කොටගෙන ඔබේ හිතේ තිබෙන අපේක්ෂාවන් ගෙදර දොර කටයුතු හීන වෙනවා. දෙමව්පිය උපකාර නොලැබී යන්න ඉඩකඩ තියෙනවා. ගෙදර සිටින කාලය අඩු වෙන්න පුළුවන්. අලස ලෙසින් කාලය ගෙවීමට ඔබ පෙලඹෙනවා. තමාට ලැබිය යුතු ගෞරවයන් ප්‍රමාදයට පත් වෙනවා. අන් අයගේ ගැටළු ඔබේ කරගන්නට යාමෙන් මානසික ආතතියකට ලක් වෙන්න පුළුවන්. කලට වෙලාවට තම දෛනික කටයුතු වල මිත්‍රශීලීව යෙදෙන්න. නිරතුරු සමාජ සේවා කටයුතු වලට සුදුසු දිනයක් නොවේ.
ජය වර්ණය: සුදු පැහැය ජය අංකය: 03
කුම්භ ලග්නය

ආත්මාර්ථකාමීව කටයුතු කිරීමට ඔබ පෙළඹීම නිසා ඔබ අද අපකීර්තියකට අස්ථාන චෝදනාවකට හෝ අනතුරකට ගොදුරු වීමට ඉඩ තිබෙනවා. ඔබ හා දෙමව්පියන් අතර අමනාපකම් ඇති වීමට ඉඩකඩ තියෙනවා. දිනයේ සාර්ථකත්වය සදහා අනවශ්‍ය ගමන් බිමන් වලින් වැලකි අවබෝධයෙන් යුතුව තම ගෞරවයක් ලැබෙන පරිදි කා සමගත් සහයෝගයෙන් යුතුව කටයුතු කරන්න.
ජය වර්ණය: සුදු පැහැය ජය අංකය: 08
මීන ලග්නය

ඔබ සතු ව්‍යාජ බව අන් අය නොසලකා හැර කටයුතු කිරීමට පෙළඹීම හේතු කරගෙනම මෙවැනි ජන ව්‍යවහරයම හරියටම ගැලපෙනවා. ඔබ අනුන් විශේෂයෙන් සහෝදරයන් මිතුරන් රවටා ක්‍රියා කරන්න ගිහින් ඔබම ඔබව රවට්ටා ගෙන කරදර වලට මුහුණ පාන දිනයක්. ඔබගේ උත්සාහයන්ට බාධක අවහිරකම් ඇති වෙනවා. ඒ නිසාම ඔබගේ උත්සාහය තුල ඔබට ලැබෙන ප්‍රථිපලය හීන වෙනවා. සමාජ සේවා කටයුතු වැඩිමහල් සමාජ ආශ්‍රයන් තුල ඔබ වැඩ කටයුතු කරන්න ගිහින් ඔබ අපහසුවට කරදරයට පත් වීමට ඇති ඉඩකඩ වැඩියි. ඔබ ලැබිය යුතු ආදායම් හීන වෙනවා.
ජය වර්ණය: සුදු පැහැය ජය අංකය: 10
ප්‍රවීණ ජෝතිශ්‍යවේදී : ලක්ස් සේනානායක
දුරකථන අංකය: 077 67 19 151