පස්වරු 02 න් පසු දිවයිනේ බොහෝ ප‍්‍රදේශ වලට මිලි මීටර 150 ක් පමණ වූ තද වැසි ඇති විය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කලේ බස්නාහිර සබරගමුව දකුණ වයඹ හා මධ්‍යම පළාත් වලට තද වැසි ඇති විය හැකි බවයි.
යාපනය වව්නියාව හා මුලතිව් දිස්ත‍්‍රික්ක වලට මිලි මීටර 75 ඉක්මවූ වැසි ඇති විය හැකියි. දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්වයේ වැඩි වීමක් අද බලාපොරොත්තු වන බවයි කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ. වැසි ඇති වන විට එම ප‍්‍රදේශ වලට තාවකාලික තද සුළං ඇති විය හැකියි.
අකුණු මගින් සිදු වන අනතුරු අවම කර ගැනීමට කල්පනාකාරී වන ලෙස ද කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දී සිටිනවා.
මේ අතර මුහුදු ප‍්‍රදේශ රැසක් රලූ වීමේ අවධානමක්ද පවතිනවා. කන්කසන්තුරේ සිට පුත්තලම කොළඹ හා හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප‍්‍රදේශ වල සුළගේ වේගය පැයට කිලෝ මීටර 70 ත් 80 ත් දක්වා ඉහල යා හැකියි. ධීවර හා නාවික ප‍්‍රජාව මේ පිළිබද අවදානයෙන් පසු විය යුතු බවයි කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කලේ.
SIYATHA FM TOP STORY | 02:00 PM | Editor : Nayomi Karunasinghe