News Line| Off Air
Generic placeholder image

Latest Posts










Sep
12

අරවින්ද, මහානාම සහ මහේල යලිත් ශ්‍රී ලංකා කණ්ඩායමට…

19805 Views


අරවින්ද, මහානාම සහ මහේල යලිත් ශ්‍රී ලංකා කණ්ඩායමට…

පරාජය අවජාතක වුනාට ජයග්‍රහණයට තාත්තලා ඕන තරම්. ලංකාවේ ක්‍රිකට් වලත් එහෙමයි. හැබැයි පරාද වෙලා, පරාද වෙලා අන්තිමේදි  ක්‍රිකට් තේරීම් කමිටුව සේරම අයගෙ වැරදි භාර අරන් අයින් වුනා. දැන් ලංකාවට තේරීම් කමිටුවක් නෑ.

එ් විතරක් නෙවෙයි ලංකාවෙ ක්‍රිකට් බෝඩ් එකේ තනතුරු ගොඩක් හිස්. හැබැයි ප්‍රේක්ෂකයින්ගෙන් එන පීඩනය නිසා ඉක්මනටම එ් තනතුරු ටික පුරවන්න යනවා. හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයෙක් වගේම හිටපු තේරීම් කමිටු සභාපතිවරයෙක් වෙන අරවින්ද ද සිලවා උපදේශකවරයෙක් විදියට පත් කරන්න යනවා කියල තමයි අාරංචිය. ඔහුට ලැබෙන ප්‍රධානම කාර්ය තමයි ලංකාවට හරිහමන් පුහුණුකරුවෙක් පත් කරන එක. හිස් වෙලා තියෙන තේරීම් කමිටුවට රොෂාන් මහානාම, බ්‍රෙන්ඩන් කුරුප්පු සහ ග්‍රැහැම් ලැබ්රෝයි පත් කරන්න සූදානමක් තියෙනවා. එ් වගේම අත්දැකීම් නෑ කියපු මහේලවත් උපදේශක තනතුරකට ගන්න යනවා කියලා ආරංචියි.

කොහොම වුනත් ලංකාවේ හිටපු ජේෂ්ඨ ක්‍රීඩකයො වැටුන ක්‍රිකට් ගොඩදාන්න තෝර ගත්ත එක නම් ගොඩක් හොදයි. මොකද ළිදේ හැටි දන්නෙ ගෙම්බො මිසක් පිට ඉන්න කටුස්සො නෙවෙයි.

 

 


News Articles
Latest Videos
Most Popular Post