News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
24

ජල ගැලීම් හේතුවෙන් පුත්තලම මාර්ගයේ දුම්රිය ධාවනයට තවදුරටත් බාධා

807 Views


ජල ගැලීම් හේතුවෙන් පුත්තලම මාර්ගයේ දුම්රිය ධාවනයට තවදුරටත් බාධා

ජල ගැලීම් හේතුවෙන් පුත්තලම මාර්ගයේ දුම්රිය ධාවනයට තවදුරටත් බාධා මතුව තිබනෙවා. දුම්රිය පාලක මැදිරිය සඳහන් කලේ එම මාර්ගයේ දුම්රිය ධාවනය කොළඹ සිට ලූණුවිල දක්වා සීමා කර ඇති බවයි.

මුහුදු බඩ මාර්ගයේ දුම්රිය ධාවනය ප‍්‍රමාද විය හැකියි. වර්ෂාවත් සමඟ පවතින අවදාම් තත්වය හේතුවෙන් දුම්රිය අඩු වේගයකින් ධාවනය කරවීම ඊට හේතුව බවයි දුම්රිය පාලක මැදිරිය සදහන් කලේ.

මේ අතර වර්ෂාව සහිත අවස්ථා වල රිය ධාවනයේ දී කල්පනාකාරී වන ලෙස පොලීසිය රථ වාහන රියදුරන්ට දැනුම් දෙනවා. මාර්ගය ලිස්සන සුලූ බැවින් සෙමින් රිය ධාවනයේ නිරත වන ලෙසයි දැනුම් දෙන්නේ.

එමෙන්ම අධිවේගී මාර්ගයේ රිය ධාවනයේ දීද පැයට කිලෝ මීටර 60 ක වේගයක් පවත්වාගෙන යන ලෙස පොලීසිය සඳහන් කලා.

SIYATHA FM TOP STORY | 11:00 AM | Editor : Nayomi Karunasinghe


News Articles
Latest Videos
Most Popular Post