අධික වර්ෂාවත් සමඟ ප‍්‍රදේශ රැසක මාර්ග ජලයෙන් යට වී තිබෙනවා. ජාඇල නගර මධ්‍යයෙන් ගලායන ඇල පිටාර ගලා ඇති බවයි අප වාර්තාකරුවන් සඳහන් කලේ. මේ හේතුවෙන් නගරයෙන් බටහිර දෙසට පිහිටි පහත්බිම ජලයෙන් යට වෙමින් පවතිනවා.
තබ්බෝව ජලාශයේ වාන් දොරටු විවෘත කිරිම හේතුවෙන් පුත්තලම ප‍්‍රදේශයේ මාර්ග රැසක් ජලයෙන් යට වී ඇති බවයි වාර්තා වන්නේ.
කළු ගඟේ ඉහළ ජල ධාරා ප‍්‍රදේශවලට ලැබෙන අධික වර්ෂාව හේතුවෙන් කළු ගඟේ ජල මට්ටම සීඝ‍්‍රයෙන් ඉහළ ගොස් තිබෙනවා.
එම දෙපාර්තමේන්තුව සදහන් කලේ මේ හේතුවෙන් රත්නපුර ප‍්‍රදේශයේ ජල මට්ටම සුළු ගංවතුර මට්ටක් දක්වා ඉහළ යමින් පවතින බවයි.
දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මිය ගිය පුද්ගලයන් ගණන 12 ක්. ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය සදහන් කලේ දිස්ත‍්‍රික්ක 18 ක පීඩාවට පත් සංඛ්‍යාව 124,733 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි. පවුල් 11,723 කට අයත් පුද්ගලයින් 44,745 දෙනෙකු ආරක්ෂිත කඳවුරු වල රදවා සිටිනවා.
SIYATHA FM TOP STORY | 01:00 PM | Editor : Nayomi Karunasinghe