අන්තර් පාසල් රග්බි ශූරතා තරඟාවලිය ඉදිරි සතියේ ආරම්භ වන බව ක‍්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා පවසනවා.
අන්තර් පාසල් ලීග් රග්බි තරඟාවලියේ ඉදිරි තරඟ තාවකාලිකව කල් දැමීමට ක‍්‍රීඩා අමාත්‍යවරයා තීරණය කලේ පසුගිය 23 වනදායි. පාසල් රග්බි තරඟ වලින් අනතුරුව ප්‍රෙක්ෂකයන් අතර ඇති වු ගැටුම් හේතුවෙන් එම තීරණය ගෙන තිබුණා.
අදාළ සිදුවීම් පිළිබඳව ශ‍්‍රී ලංකා රග්බි පාපන්දු සංගමය, පාසල් රග්බි සංගමය සහ අධ්‍යාපන අමාත්‍යාංශය සමඟ වැඩිදුරටත් සාකච්ජා කර තිබෙනවා. ක‍්‍රීඩකයන්ගේ සහ විනිසුරුවන්ගේ ආරක්ෂාව පිළිබඳව එහි දී සාකච්ජා කර අතර ඇති බවයි වාර්තා වන්නේ.
SIYATHA FM TOP STORY | 01:00 PM | Editor : Nayomi Karunasinghe