News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
25

සැඩපහරට හසුවී පොලිස් නිලධාරියෙකු අතුරුදහන්

599 Views


සැඩපහරට හසුවී පොලිස් නිලධාරියෙකු අතුරුදහන්

මාදම්පේ ගල්මුරුව ප‍්‍රදේශයේ සැඩ පහරට හසු වීමෙන් පොලිස් නිලධාරියෙකු අතුරුදන් වී තිබෙනවා. පොලීසිය පැවසුවේ සැඩපහරට හසුවූ පුද්ගලයන් පිරිසක් බේරා ගැනීමට යාමේදී එම පොලිස් නිලධාරියා සැඩ පහරට හසුවී ගසාගෙන ගොස් ඇති බවයි. අදාල නිලධාරියා සොයා මෙහෙයුම් ක‍්‍රියාත්මකයි.

මේ අතර අධික වැසි සහිත තත්වය හේතුවෙන් ලක්ෂපාන ජලාශයේ එක් වාන් දොරටුවක් විවෘත කර තිබෙනවා. පස් කඳු කඩා වැටීම් හේතුවෙන් හැටන් කොළඹ ප‍්‍රධාන මාර්ගයේ වාහන ගමනාගමනයද සීමා කර ඇති බවයි අප වාර්තාකරුවන් සදහන් කලේ.

මේ අතර කොල්ලූ පිටිය සහ ඒ ආශ‍්‍රිත ප‍්‍රදේශ වලට විදුලි බලය ඇණ හිටී තිබෙනවා. ඒ කොළොන්නාවේ සිට කොල්ලූපිටිය දක්වා දිවෙන විදුලි සම්පේ‍්‍රෂණ මාර්ගයේ බිඳවැටීමක් හේතුවෙන්. විදුලි බල මණ්ඩලය සදහන් කලේ එම බිඳ වැටීම් යථා තත්වයට පත් කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බවයි.

මේ අතර අධික වැසි සහිත කාලගූණ තත්වය හේතුවෙන් දිස්ත‍්‍රික්ක 05 ක් සදහා පැනවූ නාය යාම් අවධානම් රතු නිවේදනය තවදුරටත් දීර්ඝ කර තිබෙනවා. ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය සඳහන් කලේ රත්නපුර, කෑගල්ල, ගාල්ල, කළුතර සහ නුවරඑළිය දිස්ත‍්‍රික්කයේ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස 15ක් සඳහා එම අවදානම් නිවේදනය තවදුරටත් බලපැවැත්වෙන බවයි. ඒ ඇතුලූ ගම්පහ කොළඹ කුරුණෑගල බදුල්ල මාතලේ දිස්ත‍්‍රික්ක සඳහාද නාය යාම් අනතුරු ඇගවීම් නිකුත් කර තිබෙනවා.

SIYATHA FM TOP STORY | 03:00 PM | Editor : Amila Udaraka


News Articles
Latest Videos
Most Popular Post