අයහපත් කාලගුණයෙන් හටගත් ආපදා තත්වයන් හේතුවෙන් මිය ගිය පුද්ගලයන් සංඛ්‍යාව මේ වනට 17ක් දක්වා ඉහල ගොස් තිබෙනවා. පොලීසිය පැවසුවේ ඉන් පුද්ගලයන් 7 දෙනෙකු අකුණු සැර වැදීම් වලින් මිය ගොස් ඇති බවයි. දියේ ගිලීම් හේතුවෙන් පුද්ගලයන් 6 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර පස් කදු කඩා වැටීම් හේතුවෙන් පුද්ගලයන් දෙදෙනෙකු මිය ගොස් තිබෙනවා. ගස් කඩා වැටීම් හේතුවෙන් මිය ගොස් ඇති පුද්ගලයන් සංඛ්‍යාව 2ක්.
මේ අතර මාදම්පේ ගල්මුරුව ප‍්‍රදේශයේ සැඩ පහරට හසු වීමෙන් අතුරු දන් වූ පොලිස් නිලධාරියා සොයා මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා. පොලීසිය පැවසුවේ සැඩපහරට හසුවූ පුද්ගලයන් පිරිසක් බේරා ගැනීමට යාමේදී එම පොලිස් නිලධාරියා සැඩ පහරට හසුවී ගසාගෙන ගොස් ඇති බවයි. එලෙස අතුරුදන්ව ඇත්තේ ගිරිඋල්ල මල්ගමුව ප‍්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි පොලිස් කොස්තාපල්වරයෙක්.
දිවයිනේ දිස්ත‍්‍රික්ක 19 කට බලපා ඇති ආපදා තත්වය හේතුවෙන් පවුල් 35,139 කට අයත් පුද්ගලයන් එක්ලක්ෂ 38,292 දෙනෙකු පීඩාවට පත්ව ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කලේ. ඉන් පවුල් 13,199 කට අයත් පුද්ගලයින් 53,616 දෙනෙකු මේ වන විට ආරක්ෂිත කදවුරු 231 ක රඳවා තිබෙනවා.
ආපදා තත්වයන් හේතුවෙන් නිවාස 64 කට පූර්ණ හානි සිදුව ඇති අතර අර්ධ හානි සිදුව ඇති නිවාස සංඛ්‍යාව 3,841 ක්. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කලේ පීඩාවට පත් වූවන්ට සහන ලබාදීමේ කටයුතු අඛණ්ඩව සිදු වන බවයි.
SIYATHA FM TOP STORY | 04:00 PM | Editor : Amila Udaraka