කැලණි ගඟ හරහා ඉදිකර ඇති කඩුවෙල පාලම වෙනුවට වෙනත් තාවකාලික පාලමක් ඉදිකිරීමේ කටයුතු ආරම්භ කර තිබෙනවා. ඒ ශ‍්‍රී ලංකා පාබල හමුදාවේ භට පිරිස් මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරින් විසින්.
මාර්ග සංවර්ධන අධිකාරිය සඳහන් කලේ කඩුවෙල පාලම දෙපස ඉවුර ඛාදනය වී පස්බැම්ම කැඩියාමේ අවධානමක් පවතින බැවින් එම තාවකාලික පාලම ඉදි කරන බවයි. එම පාලම අවට පස් බැම්ම කැඞී යාමට ධාරාණිපාත වර්ෂාවත් සමග කැලණි ගෙඟ් ජල මට්ටම සීඝ‍්‍රයෙන් වැඩිවීම හේතුවී ඇති බව මාර්ග සංවර්ධන අධිකාරිය සඳහන් කලා.
යුද්ධ හමුදා භට පිරිස් මෙම තාවකාලික පාලම ඉදිකරමින් සිටින්නේ් විශාල ලෝහ ව්‍යුහයන් භාවිතා කරමින්. ඒ අනුව හදිසි ආපදාවක් ඇති වූවහොත් මෙම පාලම මතින් ඕනෑම වාහනයකට ගමන් කල හැකි වනවා. මේ අතර අධික වැසි සහිත කාලගුණ තත්වය හේතුවෙන් කැළණි ගග අවට ජනතාවට විමසිලිමත් වන්නැයි ආපදා කලමණාකරන මධ්‍යස්ථානය දැනුම් දෙනවා.
SIYATHA FM TOP STORY | 05:00 PM | Editor : Amila Udaraka