තබ්බෝව ජලාශයේ වාන් දොරටු විවෘත කිරීම හේතුවෙන් පුත්තලම දිස්ත‍්‍රික්කයේ ජල ගැලීම් තත්ත්වය තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා.
පුත්තලම දිස්ත‍්‍රික් ලේකම්වරයා සඳහන් කළේ, මේ වන විට නාත්තන්ඩිය, මහවැව, වෙන්නප්පුව, දංකොටුව, මාදම්පේ, කළුවරගස්වැව ඇතුළු දිස්ත‍්‍රික්කයේ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස රැුසක දැඩි ගංවතුර තත්ත්වයක් පවතින බවයි. පුත්තලම දිස්ත‍්‍රික්කය හරහා ගලා බසින මාඔය, ලූණුඔය හා රතඹලාඔය ද පිටාර ගලා ඇති බවයි ඔහු ප‍්‍රකාශ කළේ.
ජල ගැලීම්වලින් සිරවූ පිරිසු මුදා ගැනීමේ මෙහෙයුම් අද අලූයම දක්වා ක‍්‍රියාත්මක වුණා. උඩප්පුව ප‍්‍රදේශයේ සිරවී සිටි එවැනි පවුල් 15 ක් අද අලූයම නාවික හමුදා කණ්ඩායමක් විසින් මුදාගෙන තිබෙනවා. පුත්තලම දිස්ත‍්‍රික්කයේ ජල ගැලීම්වලින් පීඩාවට පත් සංඛ්‍යාව 30,000කට අධිකයි.
මේ අතර දැදුරුඔය ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමත් සමග කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ ප‍්‍රදේශ රැසක හටගත් ජල ගැලීම් තත්ත්වය තවදුරටත් පවතිනවා.
SIYATHA FM TOP STORY | 09:00 AM | Editor : Sithara Athukorala