News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
28

ජල සම්පාදන මණ්ඩලයේ සේවකයින් අද පැය 04 ක විරෝධතාවයක්

549 Views


ජල සම්පාදන මණ්ඩලයේ සේවකයින් අද පැය 04 ක විරෝධතාවයක්

ජල සම්පාදන මණ්ඩලයේ සේවකයින් අද පෙරවරු 09 00 සිට පැය 04 ක විරෝධතාවයක් ආරම්භ කර තිබෙනවා. ඒ රජය විසින් පොරොන්දු වූ පරිදි වාර්ෂික වැටුප් වැඩි වීම මැයි මස වැටුප සදහා එක් නොකිරිමට විරෝධය පල කරමින්.

රත්මලානේ පිහිටි ජල සම්පාදන මණ්ඩලයේ ප‍්‍රධාන කාර්යාලය ඉදිරිපිට මෙම විරෝධතා ක‍්‍රියාමාර්ගය ආරම්භ කර තිබෙනවා. ඊට රත්මලාන, දෙහිවල, මොරටුව කොට්ඨාසවල සියලූ ජල සම්පාදන සේවකයින් එක්ව සිටිනවා.

ජල සම්පාදන වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානය සදහන් කළේ ලබන 30 වනදා බස්නාහිර පළාතේ සියලූ සේවකයින් සහභාගී කරගනිමින් විරෝධතාවයක් කි‍්‍රයාත්මක කරන බවයි. ඉන් පසුව ද පිළිගත හැකි විසදුම්ක් නොලැබෙන්නේ නම් ලබන මස පළමුවනදායින් පසු දීපව්‍යාප්ත අඛණ්ඩ විරෝධතාවයන්හි නිරත වීමට ජල සම්පාදන මණ්ඩලයේ සේවකයින් තීරණය කර තිබෙනවා

මේ අතර තම ඉල්ලීම් සඳහා මෙම සතිය තුළ නිසි විසදුම් නොලැබුණහොත් දැනට සිදු කරන අකුරට වැඩ කිරිමේ ක‍්‍රියාමාර්ගය දැඩි කිරිමට බලාපොරොත්තු වන බවයි ලංකා විදුලි ඉංජිනේරුවරුන්ගේ සංගමය පවසන්නේ

රජය විසින් ඉදිරිපත් කර ඇති නව ජනන සැලැස්ම ක‍්‍රියාත්මක නොකිරිමට සහ ඉදිරියේදී ඇති විය හැකි විදුලිබල අර්බුධයට විසදුම් සෙවීමට රජය මේ දක්වාත් පියවර ගෙන නොමැති බව පවසමින් ඔවුන් මෙම වර්ජනයේ නිරත වනවා.

SIYATHA FM TOP STORY | 10:00 AM | Editor : Sithara Athukorala

 


News Articles
Latest Videos
Most Popular Post