හිටපු සංස්කෘතික රාජ්‍ය අමාත්‍ය පාර්ලිමේන්තු මන්තී‍්‍ර ටී. බී. ඒකනායක මහතා අද පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාසය හමුවට කැඳවා තිබුණා. ඒ, වාහන අවභාවිතයක් සම්බන්ධයෙන් ප‍්‍රකාශයක් ලබා ගැනීම සඳහායි.
මන්තී‍්‍රවරයා අද පෙරවරු 10 ට පමණ පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාසයට පැමිණ අදාළ ප‍්‍රකාශය ලබාදී තිබුණා. ඔහුට සහය පළ කිරීම සඳහා ආණ්ඩුවෙන් ඉවත් වු මන්ත‍්‍රීවරුන් 16 දෙනා එම ස්ථානයට පැමිණි සිටීම විශේෂත්වයක්.
ඒ හේතුවෙන් ප‍්‍රදේශය අවට දැඩි පොලිස් ආරක්ෂාවක් සපයා තිබුණා. ටී.බී. ඒකනායක මහතා සංස්කෘතික රාජ්‍ය අමාත්‍යවරයා වශයෙන් සිටියදී භික්ෂුන් වහන්සේ නමකගේ භාවිතය සඳහා වාහනයක් ලබා දීම ඔහුට එල්ල වී ඇති චෝදනාවයි. ඒ සම්බන්ධයෙන් ප‍්‍රකාශයක් ලබාදීම සදහා පැමිණෙන ලෙස මන්තී‍්‍රවරයාට දැනුම් දී තිබුණේ පසුගිය 24 වනදායි. නමුත් එදින පාර්ලිමේන්තු දිනයක් වන බැවින් පැමිණිය නොහැකි බව මන්තී‍්‍රවරයා පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාසයට දැනුම් දී තිබුණා.
SIYATHA FM TOP STORY | 11:00 AM | Editor : Sithara Athukorala