ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ සභාපති ධූරය සඳහා එම ආයතනයේ වත්මන් සභාපති තිලංග සුමතිපාල මහතා තරඟ කිරීම වළක්වාලමේ තහනම් නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.
ඒ ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ හිටපු ලේකම්වරයකු මෙන්ම වත්මන් නිලවරණයේදී සභාපති ධුරය සඳහා තරග කරන අපේක්ෂකයෙකු වන නිශාන්ත රණතුංග මහතා විසින්. එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස ක‍්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා, අමාත්‍යාංශ ලේකම්වරයා, ක‍්‍රිකට් නිලවරණ කමිටුවේ සාමාජිකයින්, ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ වත්මන් සභාපති තිලංග සුමතිපාල මහතා ඇතුළු 27 දෙනෙකු නම් කර තිබෙනවා.
පෙත්සම්කරු සිය පෙත්සමේ සඳහන් කර ඇත්තේ ලබන 31 වනදා පැවැත්වීමට නියමිත ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ සභාපති ධූරය සඳහා තරඟ කරන වත්මන් සභාපති තිලංග සුමතිපාල මහතාගේ නාම යෝජනාව නීතියට පටහැනි බවයි. තිලංග සුමතිපාල මහතා අදාළ තනතුර සඳහා තරඟ කළහොත් ක‍්‍රීඩා පනතේ ප‍්‍රතිපාදන උල්ලංඝනය වන බව පෙත්සමේ දැක්වෙනවා.
ඒ අනුව අදාළ පෙත්සම විභාග කර අවසන් තීරණයක් ලබා දෙන තෙක් තිලංග සුමතිපාල මහතාට ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ සභාපති ධූරය සඳහා තරඟ කිරීම වලක්වාලන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසයි නිශාන්ත රණතුංග මහතා අභියාචනාධිකරණයෙන් ඉල්ලා ඇත්තේ.
SIYATHA FM TOP STORY | 02:00 PM | Editor : Nayomi Karunasinghe