News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
30

රුහුණු කතරගම ඇසළ මංගල්‍යයට අදාළව කප් සිටුවීම අද

631 Views


රුහුණු කතරගම ඇසළ මංගල්‍යයට අදාළව කප් සිටුවීම අද

රුහුණු කතරගම ඇසළ මංගල්‍යයට අදාළව කප් සිටුවීම අද අලූයම 05:45 ට යෙදුණු සුබ මොහොතින් සිදු කෙරුණා. මෙම අවස්ථාවට වැඩ බලන බස්නායක නිලමේ දිල්රුවන් රාජපක්ෂ ඇතුලූ කපු මහත්වරුන් සහ බැතිමතුන් එක්ව සිටියා.

මෙවර රුහුණු කතරගම ඇසළ මංගල්‍යය ජූලි 13 වනදා ආරම්භ වන අතර මහපෙරහර වීදි සංචාරය කිරීම ජූලි 28 වනදා සිදු කිරීමට නියමිතයි. එමෙන්ම දිය කැපීමේ මංගල්‍යය ජූලි 29 වනදා උදෑසන මැණික් ගඟේදී සිදු කරනු ඇති.

මෙවර ඇසළ මංගල්‍යය වෙනුවෙන් කතරගම පූජා භූමියට පැමිණෙන බැතිතුමතුන්ගේ පහසුව සදහා විශේෂ වැඩසටහන් රැසක් කි‍්‍රයාත්මක කිරීමට නියමිතයි.

SIYATHA FM TOP STORY | 10:00 AM | Editor : Sithara Athukorala


News Articles
Latest Videos
Most Popular Post