News Line| Off Air
Generic placeholder image

Latest Posts










Sep
13

අද Boss එක්ක පරිස්සෙමන් කටයුතු කරන්න. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න.

1763 Views


අද Boss එක්ක පරිස්සෙමන් කටයුතු කරන්න. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න.

අද 2017 සැප්තැම්බර් මාසයේ 13 බදාදා

රාහු කාලය: ප.ව 12.06 සිට 01.38

සුභ දිශාව: උතුර

මරු සිටින දිශාව: නිරිත

 

 

මේෂ ලග්නය

ඔබගේ අධ්‍යාපනික කටයුතු වලට වගේම තරගකාරී කටයුතු වලට ඉතාමත්ම යහපත් දවසක්. හවුල් ව්‍යාපාර කටයුතු ප්‍රේමනීය කටයුතු වලට ඉතාමත්ම යෝග්‍ය දවසක්. ඔබ බලාපොරොත්තුවන ආකාරයට බොහෝ කටයුතු පහසුවෙන් සාර්ථක කර ගැනීමට හැකියාව ලැබෙනවා. සිතේ සතුට පවත්වාගෙන යාමේ හැකියාව පවතිනවා. වෘත්තිමය කටයුතු කෙරෙහි නම් යම් ආකාරයක මන්දගාමී තත්වයක් ඇති වෙනවා. කල්පනාකාරීව කටයුතු කරන්න.

ජය වර්ණය: දීප්තිමත් රතු පැහැය              ජය අංකය: 08

 

වෘෂභ ලග්නය

කරන කියන කටයුතු පිලිබදව වෙනදට වඩා සැලකිල්ලක් දැක්වීම උනන්දුවක් දැක්වීම අත්‍යවශ්‍ය වෙනවා. තමන් භාවිතා කරන විද්‍යුත් මෙවලම් පරිඝනක උපාංග වගේ දේවල් වලට යම් හානිකර තත්ව ඇතිවිය හැකියි. වියදම් පාර්ශවය ඉහල යාමේ අවධානමක් ඒ නිසා ඇති විය හැකියි. දකින දකින දේ මිලදී ගන්න දරන වෑයම එතරම් ශුභවාදී නැහැ. හවුල් ව්‍යාපාර කටයුතු පිලිබදව වෙනදට වඩා වැඩි උනන්දුවක් දක්වනවා.ඒවගේම ඉහල නිලධාරින් වැඩිහිටියන් සමග කරන ගනුදෙනු කිරීම් වලිනුත් යම් ආකාරයකට ලාභ උපයා ගත හැකියි. කොන්ද තුනටිය මුත්‍රාශය ආශ්‍රිත රෝගී තත්ව ඇති විය හැකියි. කැපවීමෙන් සහ මහන්සියෙන් කටයුතු කර දවසේ කටයුතු සාර්ථක කර ගන්න.

ජය වර්ණය: ලා නිල් පැහැය             ජය අංකය: 03

 

මිථුන ලග්නය

මානසික සුවය පවත්වා ගැනීමට අද දවසේ වැඩි මහන්සියක් ගන්නවා. තමන්ගේ ඥාතීන් තමන්ගේ පරපුර ඉදිරියේ බොහොම පෞරුෂවත් ලීලාවෙන් කටයුතු කරන්න හැකියාව පවතිනවා. ගුප්තමය අසනිපකාරී තත්ව වලින් තරමක් ප්‍රවේසම් වන්න. සතුරු කරදර ඇති විය හැකියි. අධ්‍යාපනික කටයුතු වලින් නම් පහසු දියුණුවක් අපේක්ෂා කල හැකියි. ලිපිලේඛන ආශ්‍රිත කටයුතු වල වුනත් යම් දීප්තිමත් භාවයක් දියුණුවක් පෙන්නනවා. අන් අයව විශ්වාස කරලා කරන කටයුතු වලටත් අද දවස එතරම් යෝග්‍ය වන්නේ නැහැ. කුමන ක්ෂේත්‍රයක ඔබ නිරත වෙලා සිටියත් දවස ජයග්‍රාහී කරගත හැකියි.

ජය වර්ණය: ලා දම් පැහැය                ජය අංකය: 05

කටක ලග්නය

වචන භාවිතා කිරීම් වැනි කටයුතු වලදී තරමක් කල්පනාකාරී විය යුතුයි. මනස සම්බන්ධ ක්‍රියාකාරකම් මුලික කරගෙන පුංචි පුංචි බාධා කම්කටොලු ඇති වෙනවා. ඔබ ගත් තීන්දු තීරණ නිතර වෙනස් කරනවා. සෙම් සහිත රෝග වලින් ඇස ආශ්‍රිත රෝග වලින් මුඛ ආශ්‍රිත රෝග වලිනුත් දෛනික කටයුතු වලට යම් අශුභ තත්වයක් ඇති වේවි.

ජය වර්ණය: ලා කහ පැහැය              ජය අංකය: 03

 

සිංහ ලග්නය

වාසනාවන්ත සුභ දිනයක් උදා වෙලා පවතිනවා. දුර බැහැර ගමන් යෙදී තියෙනවා. දුර බැහැර ඥාතීන්ගෙන් උදව් උපකාර ලබා ගන්නවා. නිවසින් පරිබාහිරව කරන සෑම කටයුත්තකින්ම සුභවාදී ප්‍රථිපල අත්කර ගත හැකියි. දියරමය කටයුතු ජලාශ්‍රිත පරිසර වලින් පවා වාසි ඇති වෙනවා. තාක්ෂණය මිශ්‍ර කරගත්ත කටයුතු වලින් පවා වැඩි ජයග්‍රහණ අත්කර ගත හැකියි. තරමක මුරණ්ඩු සිතුවිලි ඒකාකාර මානසික තත්වය නුරුස්සන ස්වභාවය වැඩි වශයෙන් පැන නගිනවා.ඉවසිලිවන්ත වෙන්න.

ජය වර්ණය: ලා කහ පැහැය                        ජය අංකය: 04

 

කන්‍යා ලග්නය

රැකී රක්ෂා වෙළදාම් කටයුතු ආශ්‍රිතව වෙනදට වඩා වැඩි කාර්යබහුල ස්වභාවයක් ගෙන දෙනවා. පාද ආශ්‍රිත රෝගී තත්ව ඇති වීමේ ඉඩකඩක් පෙන්නුම් කරනවා. කල්පනාකාරීව ඉවසිලිවන්තව දිනය ගත කරන්න. කොහොඹ වෘක්‍ෂයකට ජලය වත් කරන්න.

ජය වර්ණය: ලා කොළ පැහැය                     ජය අංකය: 08

 

තුලා ලග්නය

වෘත්තිමය කටයුතු වලට වෙනදට වඩා උනන්දුවක් ඇති වීමේ ඉඩකඩක් පවතිනවා. කාන්තා පාර්ශවයේ උදව් මව් පාර්ශවයේ උදව් වලින් බොහෝ දුරට ඔබට ඔබගේ කටයුතු පහසුවෙන් පවත්වා ගෙන යාමේ හැකියාව පවතිනවා. ජලාශ්‍රිත පරිසර වලින් පවා යම් සහනශීලි තත්වයක් ගෙන දෙනවා. තාක්ෂණික කටයුතු මුල්‍ය පරිපාලන කටයුතු රාජ්‍ය අර්ධ රාජ්‍ය සේවා ආදී කටයුතු වලත් යහපත් දියුණුවක් අපේක්ෂා කල හැකියි. තමන්ගේ වෘත්තිමය කටයුතු තමන්ගේ රැකී රක්ෂා කටයුතු වලට අන්‍ය ආගමික අන්‍ය දේශිත අන්‍ය භාෂා කතා කරන පුද්ගලයන්ගේ උදව් උපකාර වැඩි වශයෙන් හිමි විය හැකියි. පපුව ආශ්‍රිත සැගවුණු රෝගී තත්ව ඇතිවීමේ අවධානමක් පවතිනවා. කල්පනාකාරී වන්න.

ජය වර්ණය: ලා කහ පැහැය                         ජය අංකය: 08

 

වෘශ්චික ලග්නය

 

චිත්ත පීඩා මානසික අසහනකාරී තත්ව ඇතිවිය හැකියි. අධික කාර්යබහුලතාවය හේතු කරගෙන රැකී රක්ෂා වෙළදාම් කටයුතු ආශ්‍රිතව නොරුස්සුම් ස්වභාවයක් ඇතිවිය හැකියි. තමන්ගේ සෞඛ්‍ය පිලිබදව වෙනදට වඩා සැලකිලිමත් වෙනවා වගේම තමන්ගේ වෘත්තීය පිලිබදවත් වෙනදට වඩා සැලකිලිමත් විය යුතුයි. කොන්ද තුනටිය පාද ආශ්‍රිත රෝගී තත්ව ඇති වීමේ ඉඩකඩ පවතිනවා. දණහිස ආශ්‍රිත පිඩාකාරී ස්වභාවයක් ඇති විය හැකියි. උසස් වෘත්තීන් වල නිරත වෙලා ඉන්න අයගේ එවැනි කටයුතු දියුණු කර ගන්න නම් කතරගම දෙවියන්ට මල් වට්ටියක් පුජා කරන්න.

ජය වර්ණය: ලා කහ පැහැය                         ජය අංකය: 03

 

ධනු ලග්නය

වැඩිහිටියන්ගේ ඥාතීන්ගේ උදව් උපකාර ලබා ගැනීමේ හැකියාව අතහැරලා දාලා තිබුන පරිපාලනමය හැකියාවන් වර්ධනය කර ගැනීමේ ඉඩකඩ පවතිනවා. ඒවගේම ඔබ යම් ව්‍යාපාරික කටයුත්තක් පසුගිය දවසක අතහැරලා දාල තිබුනානම් ඒ කටයුතු පහසුවෙන් සාර්ථක කරගත හැකියි. තාක්ෂණික මෙවලම් ආශ්‍රිත කටයුතු වලිනුත් යම් දීප්තිමත් භාවයකුත් උදා කරගත හැකියි. වෘත්තිමය කටයුතු ආශ්‍රිතව තිබුන වූ බාධාකාරී තත්ව පහසුවෙන් මග හරවා ගන්න පුළුවන්. අලුත් පොත් පත් මිලදී ගන්න ලිවීම් ආදී කටයුතු වලටත් ඉතාමත්ම යෝග්‍යයි. තමන්ට එරෙහිව තිබුණ සතුරු කරදර චිත්ත පීඩා යම් ප්‍රමාණයකට හෝ මග හරවා ගත හැකියි. මුත්‍රාශය ආශ්‍රිත රෝගී තත්ව කොන්ද තුනටිය ආශ්‍රිත රෝගී තත්ව වලිනුත් අබාධ වලට ලක් විය හැකියි. නව ප්‍රේම සම්බන්ධතා ආරම්භ කරන්නත් තිබුන සමබන්ධතා ශක්තිමත් කර ගන්නත් පුළුවන්.

ජය වර්ණය: ලා කහ පැහැය            ජය අංකය: 02

 

මකර ලග්නය

රැකී රක්ෂා වෙළදාම් කටයුතු පිලිබදව වෙනදට වඩා යම් ආකාරයක උනන්දුවක් ඇති කරනවා. නමුත් තීන්දු තීරණ ගැනීමේදී කල්පනාකාරී වන්න.හිතුමනාපෙට ගන්න තීන්දු තීරණ නිසා බාධා කම්කටොලු ඇති විය හැකියි. කොන්ද ආශ්‍රිත රෝගී තත්ව තුනටිය ආශ්‍රිත රෝගී තත්ව ඇති වීමේ ඉඩකඩ පවතිනවා. රැකී රක්ෂා වෙළදාම් කටයුතු ආශ්‍රිතව වෙනදට වඩා පැවති උනන්දුව හීන වෙනවා. ඉහල නිලධාරීන් සමග ගණුදෙනු කිරීමේදී තරමක් කල්පනාකාරී වෙන්න. අනවශ්‍ය පීඩාකාරී ස්වභාව ගොඩ නගා ගැනීම එතරම් යහපත් වෙන්නෙ නැහැ. ශරීර සෞඛ්‍ය පිලිබදව නම්  යම් ප්‍රමාණයකට සාර්ථකත්වයක් අත්පත් කර ගත හැකියි. ක්‍රීඩාශීලි කටයුතු වල යම් දියුණුවක් ඇතිකර ගැනීමේ හැකියාව පවතිනවා. ජිවිතයට අලුත් බලාපොරොත්තු එකතු කර ගැනීමේ හැකියාව පවතිනවා.

ජය වර්ණය: ලා නිල් පැහැය             ජය අංකය: 03

 

කුම්භ ලග්නය

රැකිරක්ෂා වෙළදාම් කටයුතු සම්බන්ධව මන්දගාමී ස්වභාවයක් පවතුනනම් අද දවසේදී යම් ප්‍රමාණයකට ඒවා යටපත් වෙනවා. හවුලේ කරන කටයුතු පොදු කටයුතු වලට ඉතාමත්ම යහපත් දවසක්. තාක්ෂණික මෙවලම් ආශ්‍රිතව පුංචි පුංචි බාධා කම්කටොලු ඇති වීමේ ඉඩකඩ පවතිනවා. සතුරු කරදර යටපත් කරගෙන තමන්ගේ බලාපොරොත්තු ඉෂ්ට කරගන්න පුළුවන්. අධ්‍යාපනික කටයුතු වලට ඉතාමත්ම යහපත්. ආද්‍යාත්මික කටයුතු ආගමානුකුල කටයුතු ගුප්ත විද්‍යා කටයුතු ඉතාමත්ම ශුභ වාදී මට්ටමක පවත්වාගෙන යාමේ හැකියාව පවතිනවා. විශ්වයත් සමග කරන ගනුදෙනු කිරීම් වලින් බොහෝ වාසනාව ඔබට උදා වෙනවා.

ජය වර්ණය: ලා දම් පැහැය               ජය අංකය: 03

 

මීන ලග්නය

තමන්ට සතුරු කරදර බාධා කම්කටොලු තිබුනානම් ඒවා සියල්ල යටපත් වෙන දිනයක්. වෙනදට වඩා කායික ශක්තිය නිර්මාණය වෙනවා. ඒ හරහා ශ්‍රම ශක්තිය යොදා කරන සෑම කටයුත්තක්ම පහසුවෙන් කරගැනීමේ හැකියාව පවතිනවා. අධ්‍යාපනික කටයුතු වල නම් පුංචි මන්දගාමී ස්වභාවයක් පෙන්නුම් කරනවා. වෙළදාම් කටයුතු වල දීප්තිමත් භාවයක් තරගකාරී කටයුතු වලින් සාර්ථකත්වයත් ලැබිය හැකියි. වැඩිහිටි ඥාතීන් සමග සමගි සිතින් කටයුතු කරන්න. ගෘහ ජීවිතය සම්බන්ධ කටයුතු පිලිබදව වැඩි උනන්දුවක් දක්වනවා. සෙම් සහිත රෝග වලින් බාධා ඇති වේවි. වෙනදට වඩා සැලකිලිමත්ව සෞඛ්‍ය පිලිබදව අවධානය යොමු කරන්න.

ජය වර්ණය: ලා නිල් පැහැය                          ජය අංකය: 06

 

ප්‍රවීණ ජෝතිශ්‍යවේදී : කැළුම් ගුණතිලක

දුරකථන අංකය:  076 67 65 353

 


News Articles
Latest Videos
Most Popular Post