News Line| Off Air
Generic placeholder image

May
30

ක්‍රිකට් ආයතනයේ නිලවරණයට අතුරු තහනම් නියෝගයක්

678 Views


ක්‍රිකට් ආයතනයේ නිලවරණයට අතුරු තහනම් නියෝගයක්

හෙට පැවැත්වීමට නියමිතව තිබූ ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් නිලවරණය ලබන මස 14 වනදා තෙක් අත්හිටුවමින් අභියාචනාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා.

ඒ ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් නිලවරණය වලක්වාලන ලෙස ඉදිරිපත් කල පෙත්සමක් සැලකිල්ලට ගනිමින්. යලිත් එම පෙත්සම සලකා බැලීම ලබන 14 වනදා සිදු කිරීමට නියමිතයි.

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ හිටපු ලේකම්වරයකු මෙන්ම වත්මන් නිලවරණයේදී සභාපති ධුරය සඳහා තරග කරන අපේක්ෂකයෙකු වන නිශාන්ත රනතුංග මහතා විසින් පසුගිය 28 වනදා අදාල පෙත්සම ගොනු කර තිබුනා.

ඒ් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ සභාපති ධුරය සඳහා එම ආයතනයේ වත්මන් සභාපති තිලංග සුමතිපාල මහතාට තරග කිරීම වළක්වාලමින් තහනම් නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලමින්.

එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස ක‍්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා, අමාත්‍යාංශ ලේකම්වරයා, ක‍්‍රිකට් නිලවරණ කමිටුවේ සාමාජිකයින්, ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ වත්මන් සභාපති තිලංග සුමතිපාල මහතා ඇතුළු 27 දෙනෙකු නම් කර තිබුනා.

පෙත්සම්කරු සිය පෙත්සමේ සදහන් කර තිබුනේ හෙට පැවැත්වීමට නියමිත ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ සභාපති ධුරය සඳහා තරග කරන වත්මන් සභාපති තිලංග සුමතිපාල මහතාගේ නාම යෝජනාව නීතියට පටහැනි බවයි.

තිලංග සුමතිපාල මහතා අදාළ තනතුර සඳහා තරග කළහොත් ක‍්‍රීඩා පනතේ ප‍්‍රතිපාදන උල්ලංඝනය වන බව පෙත්සමේ දැක්වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post