මේ ලෝකේ තත්පරෙන් තත්පරය වෙනස් වෙනවා. අලුත් වෙනවා. ඔබ මේ ලිපිය කියවන මොහොතේදීත් ලොව පුරා අඩුම ගණනේ අලුත්ම සොයා ගැනීම් වෙනුවෙන් පරිෂණ 10ක් වත් සිද්ධ වෙනවා. ඒ විදිහට කාලයක් තිස්සේ කරපු පරීක්ෂණයක ප්‍රතිපල මේ වෙද්දී නිකුත් වෙලා තියෙනවා.
මේ සියවසේ වඩාත් ප්‍රභලම සොයා ගැනීම විදිහටයි මේ සොයා ගැනීම හඳුන් වන්නේ. ඔබේ ඇඟ ඇතුලේ මොළ එකක් නෙවෙයි දෙකක් තියෙනවා. ඔබ මෙච්චර දවසක් දැනගෙන හිටපු මොළය තියෙන්නේ හිස් කබල ඇතුලේ. ඊයේ සොයා ගත්ත මිනිස් සිරුරේ තියෙන අනිත් මොළය තියෙන්නේ බඩවැලේ.
ඕස්ට්‍රේලියාවේ Flinders University හි කණ්ඩායමක් සිරුරේ අපද්‍රව්‍ය බඩවැල් මගින් ගෙන ගොස් ඉවත් කිරීමේදී (බහිස්රාවීය ක්‍රියාවලිය) විද්‍යුතය සම්බන්ධ වන ආකාරය අධ්‍යනය කරලා තියෙනවා. ඒ අනුවයි මෙච්චර දවසක් ලෝකෙන්ම හැංගිලා හිටපු දෙවෙනි මොළය ඔවුන්ට හම්බ වෙන්නේ.
දැන් ඔවුන් එහි සංකීර්න ක්‍රියාවලිය අධ්‍යයනය කරමින් ඉන්නවා. දෙවන මොළය ක්‍රියාත්මක වන්නේ ස්පන්ධන විද්‍යුත් තරංග මගින්. මෙම ක්‍රියාවලිය ඩිජිටල් සංක්‍රමණික මෝටර් සංකීර්ණය (CMMC) ලෙස හඳුන්වනවා. අපි කෑම නොගන්න වෙලාවට බඩෙන් එන සද්ද වලට වගකියන්න ඕනේ මේ දෙවෙනි මොළය කියලයි ඔවුන් කියන්නේ.

ඊට අමතරව අපේ ශරීරයෙන් දිරවිය නොහැකි (අස්ථි හෝ කෙඳි වැනි) දේවල් ගෙනයාමටත්, අපේ බඩවැල් ආශ්‍රිත බැක්ටීරියා ජනගහනය ප්‍රවාහනයත් උදවු කරනවා.
ප්‍රධාන මොළයේ හෝ කශේරුකා හයෙන් ස්වාධීනව ක්‍රියා කළ හැකි සම්පූර්ණ ස්නායු පද්ධතියක් ඇති එකම අභ්‍යන්තර ඉන්ද්‍රියත් මේ දෙවෙනි මොළයයි. ඔවුන් කියන විදිහට මේ දෙවන මොළයේ ක්‍රියාකාරිත්වය පිළිකා වැනි රෝග වෙනුවෙන් ප්‍රතිකාර කරද්දී උදවු ගන්න පුළුවන්. මේ ගැන තව දුරටත් ඕස්ට්‍රේලියාව පරීක්ෂණ පවත්වනවා.
කොහොම වුණත් අපේ කාලයේ සුවිශේෂීම සොයාගැනීම මේ දෙවෙනි මොළය විදිහට ඉතිහාස ගත වේවි.