අභාවප‍්‍රාප්ත, හිටපු චිත‍්‍රපට අධ්‍යක්ෂ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පිරීස් මහතාට අයත්ව තිබු රණ මයුර සම්මානය සමඟ ලැබී තිබු පදක්කම අද නැවතත් සුමිත‍්‍රා පීරිස් මහත්මියට භාර දුන්නා.
රණ මයුර පදක්කම අතුරුදන් වුනේ ලෙස්ටර් ජේම්ස් මහතාගේ අවසන් කටයුතු සිදු කල පසුගිය මැයි මස 02 වනදායි. පසුව පොලීසිය එම පදක්කම සොයා විමර්ශණ සිදු කල අතර මැයි මස 5 වනදා කඩුවෙල-කොල්ලූපිටිය බස් රථයක තිබී එය සොයා ගත්තා.
ඒ අදාළ පුද්ගලික බස් රථයේ රියදුරු සහ කොන්දොස්තරවරයා විසින් මේ සම්බන්ධයෙන් කොල්ලූපිටිය පොලිස් ස්ථානයට දැනුම් දීමෙන් අනතුරුව යි. සිද්ධිය සම්භන්ධයෙන් එක් පුද්ගලයෙකු ද අත්අඩංගුවට ගැනුනා.
ගම්පෙරළිය චිත‍්‍රපටය වෙනුවෙන් 1965 වසරේ ඉන්දියාවේ නවදිල්ලි සිනමා උළෙලේදී ලෙස්ටර් ජේම්ස් පීරීස් මහතාට රණ මයුර සම්මානය හිමි වුනා.
SIYATHA FM TOP STORY | 11:00 AM | Editor : Nayomi Karunasinghe