පර්පචුවල් ටේරෂරීීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස්ගෙන් මුදල් ලබා ගත්තා යැයි කියන 118 දෙනෙකු පිළිබඳ බැඳුම්කර සිද්ධිය පිළිබඳ ජනාධිපති කොමිෂන් වාර්තාවේ කිසිදු සඳහනක් නොමැති බව ජනාධිපති ලේකම් ඔස්ටින් ප‍්‍රනාන්දු මහතා පවසනවා.
විශේෂ මාධ්‍ය ප‍්‍රකාශයක් සිදු කරමින් ජනාධිපති ලේකම්වරයා පවසන්නේ අදාල සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට පරීක්ෂණ පැවැත්වෙන බවයි.
ඒ අනුව අර්ජුන් ඇලෝසියස්ගෙන් මුදල් ලබා ගත් පිරිස් එම පරීක්ෂණ මගින් අනාවරණය වනු ඇති බව ඔහු සඳහන් කලා.
පාර්ලිමේන්තු මන්ත‍්‍රී දයාසිරි ජයසේකර මහතා අර්ජුන් ඇලෝසියස්ගෙන් රුපියල් මිලියනයක මුදලක් ලබා ගත් සිද්ධිය අනාවරණය වීමත් සමග එලෙස මුදල් ලබා ගත් තවත් 118 දෙනෙකු පිලිබදව දේශපාලන වේදිකාවේ අදහස් පල වුණා.
ඒ අනුව විවිධ පාර්ශවයන් කියා සිටියේ ජනාධිපතිවරයා හෝ ජනාධිපති ලේකම් වරයා විසින් අදාල 118 දෙනා ප‍්‍රකාශයට පත් කල යුතු බවයි.
SIYATHA FM TOP STORY | 02:00 PM | Editor : Amila Udaraka